hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 01, ප.ව. 7:00



බම්බලපිටිය වජිර පාරේ විශාඛා විද්‍යාලය අසල මාර්ගයේදී ඊයේ (31) සවස සිදු වූ රිය අනතුරකින් වාහන 20කට අධික ප්‍රමාණයකට දැඩි හානි සිදුවී තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා.

ගාලු පාරේ සිට වජිර පාර හරහා ඩුප්ලිකේෂන් මාර්ගය ඔස්සේ ධාවනය කරමින් පැමිණි මෝටර් රථයක් එක්වරම රියදුරුගේ පාලනයෙන් ගිලිහී එම මාර්ගය දෙපස නවතා තිබූ වාහන රැසක ගැටෙමින් විශාඛා විද්‍යාලය දෙසට වේගයෙන් ධාවනය වී තිබෙනවා.

සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන් රැගෙන යෑම සඳහා පැමිණ සිටි දෙමව්පියන්ගේ වාහන 20කට ආසන්න සංඛ්‍යාවක් එලෙස අනතුරට ලක්වී තිබෙන්නේ.

අනතුරෙන් පසු රියදුරා රෝහල්ගත වී ඇති අතර ඔහු පවසා ඇත්තේ එකවරම මෝටර් රථයේ තිරිංග අක්‍රිය වී සුක්කානම පාලනය කරගත නොහැකි වූ බවයි.