hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූනි 01, පෙ.ව. 11:14



දැඩි මූල්‍ය අර්බුදය හේතුවෙන් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ රත්මලාන ගුවන්තොටුපොළ වැසීයාමේ අනතුරක් මතුව ඇතැයි පුවත්පත් සඳහන් කරනවා.

ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් ගුවන් යානා වලට ප්‍රමාණවත් ඉන්ධන සහිතව පැමිණෙන ලෙසත්,එසේ නොමැති නම් වෙනත් ගුවන්තොටුපලකින් ඒ සඳහා ඉන්ධන ලබා ගෙන පැමිණෙන ලෙසත් සිවිල් ගුවන් සේවා ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂකවරයා දැනුම් දී තිබෙනවා.

සිවිල් ගුවන් සේවා ගුවන් සේවා අධිකාරිය අධ්‍යක්ෂක රේහාන් වන්නිඅප්පා මහතා බ්ලූම්බර්ග් ව්‍යාපාරික වෙබ් අඩවිය හරහා මේ බව දැනුම් දී තිබෙනවා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය දකුණු ඉන්දීය ගුවන්තොටුපළ වලින් සහ ඩුබායි ගුවන්තොටුපලින් දීර්ඝ ගුවන් ගමන් වාර සඳහා ඉන්ධන ලබා ගන්නා බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සඳහන් කර තිබෙනවා.

ඉන්ධන ගැටලුව ගුවන්තොටුපල හා ගුවන් සේවා මෙහෙයුම් වලට බාධාවක් ඇති කර නොමැති බව ගුවන්තොටුපල සහ ගුවන් සේවා සමාගමේ සභාපති ජී.ඒ.චන්ද්‍රසිරි මහතා එම වෙබ් අඩවියට ප්‍රකාශ කර තිබෙනවා.

වරාය සහ ගුවන් සේවා අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පවසා තිබෙන්නේ ආර්ථික අර්බුදය හේතුවෙන් පවත්වාගෙන යෑමේ (නඩත්තු කිරීමේ ) දුෂ්කරතා සහ ප්‍රමාණවත් ගුවන් යානා ප්‍රමාණයක් නොපැමිණීම යනාදී හේතු මත මෙම ගුවන් තොටුපොළවල් තවදුරටත් පවත්වාගෙන යෑම විශාල ප්‍රශ්නයක්වී ඇති බවයි.

විශේෂයෙන්ම ගුවන්තොටුපොළවල් දෙකේ කාර්ය මණ්ඩල නඩත්තු කිරීමටද මේ වන විට විශාල පිරිවැයක් දැරීමට සිදුව තිබෙනවා.

මත්තල ගුවන්තොටුපළේ රාජකාරි සඳහා කාර්යය මණ්ඩලය රැගත් සුඛෝපබෝගී බස් රථයක් කටුනායක සිට දිනපතා මත්තලට ගමන් කරන බවත් එම ප්‍රවාහනය සඳහාද විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ අතර රත්මලාන ගුවන් තොටුපළද අද වන විට හුදෙකලා ගුවන් තොටුපළක් ලෙස පවතින බවයි එහි සේවකයෝ සඳහන් කර තිබෙන්නේ.

කෙසේවෙතත් තෙල් පිරිපහදුව යථාවත් කිරීමට තාක්ෂණික කණ්ඩායම් කටයුතු කරමින් සිටින බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.