hit counter

2026 ජනවාරි මස 28 වන බදාදා

2022 ඔක්‍තෝබර් 05, පෙ.ව. 7:47



හික්කඩුව ප්‍රධාන පෙළේ ජාතික පාසලක භූමිය තුළ සිදුකළ වැටලීමකින් හොරොයින් මත්කුඩු සමග කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසනවා.

සැකකාරිය සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 8 මිලි ග්‍රෑම් 229 පොලිසිය භාරයට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

කාලයක් තිස්සේ පාසල් ළමුන් ඉලක්ක කර හොරයින් මත්කුඩු මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට, ලද තොරතුරක් අනුව පොලිස් විශේෂ කාර්යය බලකා රත්ගම කඳවුරේ නිලධාරින් විසින් වැටලීම සිදුකර තිබුණා.

වයස අවුරුදු විසි දෙකක් වන අත්අඩංගුවට ගත් සැකකාරිය හික්කඩුව කළුපෙ ප්‍රදේශයේ පදිංචිකාරියක්.

සැකකාරිය වැඩිදුර විමර්ශන සඳහා හික්කඩුව පොලීසිය වෙත භාර දී තිබෙනවා.

බිමල් ශ්‍යාමන්





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: