hit counter

2025 අගෝස්‍තු මස 03 වන ඉරිදා

2025 ජූනි 11, පෙ.ව. 9:13



ජාතික පොසොන් උත්සවයට අනුරාධපුර මිහින්තලේ රජමහා විහාරයට පැමිණ සිටි ජනාධිපතිවරයාට මිහින්තලේ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතතන හිමියන් ගෞරව නාමයක් පිරිනැමීය.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංගණය කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංග විසින් නවතා දමා තිබූ රාජ්‍ය පොසොන් උත්සවය නැවත ආරම්භ කිරීම වෙනුවෙන් මෙම ගෞරව නාමය ප්‍රධානය කරනා බව මිහින්තලේ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතතන හිමි පැවසීය.

ඒ අනුව මෙවර රාජ්‍ය පොසොන් උත්සයට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය දැක්වීම වෙනුවෙන් ජනාධිපතිවරයාට මහා මහේන්ද්‍ර ප්‍රසාදිනි යන ගෞරව නාමය මෙහිදී පිළිගැන්විණි.

අනුබුදු දහමින් ලොවම නිවේවා යන තේමාව යටතේ මෙවර ජාතික පොසොන් උත්සවය අනුරාධපුර මිහින්තලය කේන්ද්‍ර කරගනිමින් පැවැත් වෙයි.

එය මෙවර පැවැත්වෙනුයේ 2,333 වැනි රාජ්‍ය පොසොන් උත්සවය ලෙසයි.