hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 03, ප.ව. 3:54



ගාලුමුවදොර අරගලයට සහාය දක්වන බව පවසමින් සමාජ මාධ්‍ය වෙත වීඩියෝ දර්ශන යොමුකළ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙලෙස පොලිස් විමර්ශන ආරම්භ කර ඇත්තේ, වෛද්‍ය නේවාසික වීසා මත මෙරටට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් පිළිබඳවයි.

ගාලුමුවදොර අරගලයට සහාය දක්වන බව පවසමින් ඇය පසුගිය දිනවල සමාජ මාධ්‍ය වෙත වීඩියෝ දර්ශන රැසක් යොමු කර ඇති අතර ශ්‍රී ලංකාවට සහ ආරක්ෂක අංශ පිළිබඳව අසත්‍ය ප්‍රචාර සිදු කරමින් රට අපකීර්තියට පත් කිරීමට අදාළව ඇයට චෝදනා එල්ල වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

අදාළ කාන්තාවගේ ගුවන් ගමන් බලපත්‍රය ආගමන විගමන දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති අතර ඇය වීසා කාලසීමාව දිගු කරගනිමින් මෙරට රැඳී සිටි බවද ආනාවරණ වී තිබෙනවා.

පොලීසිය පැවසුවේ, මෙම බ්‍රිතානය කාන්තාවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් දින 7ක් ඇතුලත කරුණු දක්වන ලෙසට දැනුම් දී ඇති බවයි.