hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 14, ප.ව. 12:33



ගාලුමුවදොර විරෝධතාකරුවන් සාමය ඇති කිරීම සඳහා ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අගමැති කාර්යාලය, අරලියගහ මන්දිරය ඇතුළු තමන් පදිංචි ව සිටි රජයේ ගොඩනැගිලි යළි භාරදීමට තීරණය කර තිබෙන බව අරගලකරුවන් නියෝජනය කරන ළහිරු වීරසේකර මහතා පැවසුවා.

ගොඩනැගිලි අත්පත් කරගැනීමට සිදු වූයේ ජනාධිපතිවරයා ඉවත් විය යුතු බවට සංකේතාත්මක පණිවුඩයක් ලබා දීම සඳහා බවත්, මේ වන විට ජනාධිපතිවරයා රටින් ද පලා ගොස් ඇති බවත් ඔහු සඳහන් කළා.

අද ඔහු ලොව කිසිම රටක් භාර නොගත් ජනාධිපතිවරයෙක් බවට පත්ව ඇතැයි කී වීරසේකර මහතා රනිල් වික්‍රමසිංහ මහතා ද තමන්ගේ ජනාධිපති සිහිනය වෙනුවෙන් මිනී මරපු නායකයෙක් හා රටට කිසිම දෙයක් නොකළ අගමැතිවරයෙක් ලෙස ඉතිහාසගතවීමට නියමිත බව පැවසුවා.

පුරවැසි අරගලකරුවන්ට මේවා ග්‍රහණය කරගත්තේ, ඉකුත් 9 වැනිදා පැවැත්වූ දැවැන්ත අරගලයෙන් පසුවයි.