hit counter

2025 ජූනි මස 01 වන ඉරිදා

2023 ජූලි 17, ප.ව. 8:48



එන්නතක් ලබාදීමෙන් පසු රෝගාතුර වූ බව කියන මාස හතරක් වයසැති දැරියක් ඊයේ (16) මියගොස් ඇතැයි කුලියාපිටිය මූලස්ථාන පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ කුලියාපිටිය පොලිස් වසමට අයත් ඉහළ ඉහල ගොමුගොමුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඩබ්ලිව්.ඒ.එස්.නිම්නාදි දිසානායක නමැති දැරියක්.

කටින් සෙම වැගිරීම හා හුස්ම ගැනීමේ අපහසුතාවය හේතුවෙන් මෙම දැරිය කුලියාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇත.

එන්නතක් ලබාදීමෙන් පසු රෝගාතුර වූ බව කියන මාස හතරක් වයසැති දැරියක් ඊයේ (16) මියගොස් ඇතැයි කුලියාපිටිය මූලස්ථාන පොලිසිය පවසයි.

කටින් සෙම වැගිරීම හා හුස්ම ගැනීමේ අපහසුතාවය හේතුවෙන් මෙම දැරිය කුලියාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇත.

සෞඛ්‍ය අංශ විසින් මාස 4දී නියම කර ඇති එන්නත කුලියාපිටිය, ඉහළගොමුගොමුවේ පදිංචි මාස 4ක බිළිඳියකට හෙට්ටිපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී ඉකුත් සෙනසුරාදා ලබා දී තිබුණා.

ඉන් පසුව නිවසට ගෙන ආ බිළිඳිය පසු දින අලුයම මිය ගොස් සිටි බව පවුලේ ඥාතීන් පැවසුවා.

බිළිඳියගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (17) පැවති අතර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ඒ පිළිබඳ විවෘත තීන්දුවක් ලබා දෙමින් සිරුරු කොටස් වැඩිදුර පරීක්ෂාව සඳහා රජයේ රස පරීක්ෂකවරයා සහ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කර තිබෙනවා.

නිවසට රැගෙන ආ බිළිඳියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේම ඉහළ ගොමුගොමුව පොදු සුසාන භූමියේදී සිදුකෙරුණා.