2024 මාර්තු 24, පෙ.ව. 12:05
පොලිතීන් බෑග් නොගන්නා රෙදිපිළි පාරිභෝගිකයන්ට වට්ටමක් ලබා දීමට නිර්දේශ කර තිබෙනවා.
ඒ, පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව විසින්.
ඒ අනුව දිවයිනේ ප්‍රධාන පෙළේ රෙදිපිළි අලෙවි ආයතනවල පාරිභෝගිකයන්ට සියයට එකක වට්ටමක් හිමි වනු ඇති.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් දැනුම් දෙන බව එම ආයතන කාරක සභාවට දැනුම් දුන් බවයි, එහි සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා කියා සිටියේ.
මේ අතර පොලිතීන් බෑග් නොගන්නා පාරිභෝගිකයන්ට රුපියල් පහක වට්ටමක් ලබාදීමට ප්‍රධාන වෙළෙඳසල් හිමිකරුවන් එම කාරක සභාව හමුවේ එකඟ වී තිබෙනවා.
එමෙන් ම ප්ලාස්ටික් බෝතල්වලට QR කේතයක් හඳුන්වාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පරිසර අධිකාරියේ ප්‍රධානීන් සහ වතුර සහ බීම වර්ග නිෂ්පාදකයන් එම කමිටුව හමුවට ලබන 2 වැනිදා කැඳවා ඇති බව සඳහන්.
2025 මැයි 13, පෙ.ව. 12:28
2025 මැයි 13, පෙ.ව. 12:27
2025 මැයි 13, පෙ.ව. 12:23
2025 මැයි 13, පෙ.ව. 12:17
2025 මැයි 13, පෙ.ව. 12:13
20-11-24
20-11-24
04-04-24
04-04-24
27-03-24
27-03-24
18-03-24
18-03-24
16-02-24
16-02-24
19-09-23
19-09-23