hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 2:04



අරුවක්කාලු සනීපාරක්ෂක කසල රැදවුම් ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 21,045ක මුදලක්  වැයකර තිබුණද මෙකි ව්‍යාපෘතියෙන් අපේක්ෂිත ප්‍රතිලාභ ලබා ගැනිමට ඉකුත් වර්ෂයේ අවසානය දක්වාම නොහැකි වි තිබූ  බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වෙනවා.

මෙකී ව්‍යාපෘතිය නිම කළ යුතු දිනය ඉක්මවා වසර තුනක කාලයක් ද ගතවී තිබුණා.

අරුවක්කාලු සනීපාරක්ෂක කසල රැදවුම් මධ්‍යස්ථානය ගංවතුර ආපදා තත්වයන්ට මුහුණදීම සදහා  සුදුසු ක්‍රමවේදයක් සකස්කර නොතිබූ බවද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

මෙම තත්ත්වය නිසා 2021 වර්ෂයේ දි ඇතිවු ගංවතුරෙන් යටවී අක්‍රීය තත්ත්වයට පත්ව තිබූ යන්ත්‍රෝපකරණ ඉකුත් වර්ෂය අවසන් වනවිටද යථා තත්ත්වයට පත්කර නොතිබූ බවද විගණන වාර්තාවේ සදහන් වෙනවා.

ගාල්ල – ලලිත් චාමින්ද





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: