hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 මාර්තු 27, පෙ.ව. 12:02



දහසකුත් බාධක මැද අරමුණු වෙනුවෙන්ම කැපවුණු ආදරවන්තයන්ගේ ආදර කතා නැතුවාම නොවෙයි.

ඊයේ මුහුණු පොතෙත් ඒ වගේ ආදර කතාවක් හුවමාරු වෙනවා.

මේ ඒ වගේ ආදරණීය කතාවක්..

“ආදරණිය මගේ අහිංසක පිරිමි ලමයෝ ,

අවුරුදු 9ක කාලයක් ලියන්න අසාවෙන් හිටපු, ඔයාගේ කතාව ගැන හරිම ආඩම්බරෙන් හැමෝටම කියන්න පුළුවන් දවස කවදාහරි එනවා කියලා බලගෙන හිටියේ, ඔව් අන්තිමට ඒ දවස ආවා…..

පුංචිම කාලේ ඉඳලා අම්මාගේ ,තාත්තාගේ ආදරේ නැති උන ඔයාව මේ තැනට ගෙන්න,ඔය වගේ ආදරණිය ගතිගුණ තියන පිරිමි ළමයෙක් හැදුවේ ආච්චි අම්මා. ආච්චි අම්මා ගොඩක් ආර්ථික අපහසුතා ගොඩක් මැද්දෙන් ඔයාට ඉගැන්නුවේ කියලා ,මන් දන්නවා. 

එයාට, ” අම්මා ” කියලා කතා කරපු ඔයාට , ඔයා මෙඩිකල් ෆැකල්ටියට තේරුණා කියලා එක පාරක් කියන්න කලින්,එයත් මේ ලෝකෙන් ගිහින් තිබුනා.

ආච්චි අම්මා එක්ක ,කුඹුරු වැඩ කරලා , එක එක කුලී වැඩ ,මේසන් අත් උදව් වැඩ දීපු ඔයා , මට හම්බෙනකොට ,ස්කොලේ උසස් පෙළ කරන අහිංසකම අහිංසක පිරිමි ළමයෙක්. දවස් ගණන් හරියට කෑමක් නැතුව, බස් එකේ යන්න තියන සල්ලි ඉතිරි කර ගන්න කිලෝ මීටර් ගණන් පයින් ඇවිදලා, ඒ අතරේ පොඩි පොඩි අත් උදව් වැඩ කරලා සල්ලි හොයාගෙන, ක්ලාස් ගියපු අහිංසකම අහිංසක ළමයෙක් ඔයා .ඔයා මට මුල ඉඳන්ම හැම දේම කිව්වා, හැමදේටම වඩා , අදටත් හැමදේම බෙදා ගන්න,කතා කරන්න පුළුවන් හොඳම යාළුවො අපි…

ජිවිතේ පොඩිම කට්ටක් වත් කාලා නැති , බස් එකකවත් තනියෙන් ගිහිල්ල තිබුනේ නැති,පවුලේ හුරතලේට හැදුන මන් , මේ අහිංසක පිරිමි ළමයට කැමති වෙලා,ආදරේ කරන්න පටන් ගත්ත එක තමා ,මන් ජිවිතේ ගත්ත හොඳම තීරණේ .

මන් පළවෙනිම දවසේ ඉඳන් ඔයාට කිව්වේ, ඔයා කොහොම හරි මෙඩිකල් ෆැකල්ටි යනවාමයි කියලා. රිසාල්ට් ආවම , මම අසමත්,ඔය ජීව විද්‍යාවෙන් කැම්පස් යන්න පාස්.එදා කැම්පස් පොතවත් ගත්තේ නැති ඔය කිව්වේ, ඊලග පාර අපි දෙන්නම එකට කැම්පස් පොත ගමු කියලා. 0 ටම වැටුණු මාව , හැමදාම පුස්තකාලෙට එක්කන් ගිහින් ,උදේ ඉඳන් හවස් වෙනකන් පාඩම් කලා…මාස 6න් මන් ලෝ ෆැකල්ටි,ඔයා මෙඩිකල් ෆැකල්ටි. ආච්චි අම්මා ,එදා ඔයාගේ නැති උනත් ,කොළඹ පොඩි රස්සාවක් කරලා ඔයාට සල්ලි එවපු ඔයාගෙම අයියා නොවුනත්,ඔයාගෙම අයියා වගේ ඉන්න අයියටත් කියා ගන්න බැරි තරම් සතුටක් ,එදා තිබ්බේ.

ඊට පස්සේ කැම්පස් යන්න සල්ලි එකතු කර ගන්න ,ඔයා ක්ලාස් කාඩ් මාර්ක් කළා. මන් මේ කතාව ලියන්නේ පුදුමාකාර නිහතමානී ආඩම්බරයකින් සුදු.

‘12th fail ‘ ෆිල්ම් එකේ මනෝජ් වගේ, 1000 ගුණයක් දුකක් ඔයා විඳලා මේ තැනට ආවේ කියල මන් දන්නවා….

කියන්න බැරි තරම් රැයවල් ඔයා බඩගින්නේ හිටියා ,පවුලේ කිසිම කෙනෙක් නැති ඔයාට හිටියේ මන් විතරයි. ඔයා යාපනේ කැම්පස් මන් කොළඹ . සමහර අවුරුදු වල ,අපි මුළු අවුරුද්දටම හම්බෙලා තියෙන්නේ 2 පාරක් විතර, හැබැයි එදා අල්ල ගත්ත මගේ අත කවදාවත් ,අත ඇරියේ නැහැ. සමහරදාට මන් අඬ අඬ ලෝ කොලෝජ් පාඩම් තේරෙන් නැහැ,කියනකොට , කැම්පස් එකේ දාහක් වැඩ තියන්, ඔයා මට ‘පෙළපත් සටහන්’ නොට් බලලා කියලා දුන්නා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියලා දුන්නා. මන් දන්නවා,මේ කතාව විස්වාස කරන්න බැරි තරම් අමුතුයි.හැබැයි මේ අපි දෙන්නගේ කතාව !!!

අපි දෙන්න කොනවල් දෙකක කැම්පස් තේරෙනකොට ,ගොඩක් අය කිව්වේ අපි වෙනස් වෙයි කියල , එත් අපි , අපේ කතාව හරි ආදරෙන් පරිස්සන් කළා . අදටත් නොදන්න අය ,අපි දෙන්නව දැක්කම අහන්නේ ලඟදි ද යාලු උනේ කියල,මොකද ඒ තරම් ආදරෙන් ,සතුටින් අපි දෙන්නා ඉන්නේ .

ඉතින් සුදු,අද ඔයාගේ මෙඩිකල් ෆැකල්ටි final results ආවා,ඔයා ඒ විබාගේත් පලවෙනි පාරම පාස් වෙලා තියෙනවා.මගේ මුළු හදවතින්ම මන් ඔයාට,සුබ පතනවා.. මම හිතන්නේ මගේ ජිවිතේ වැඩිපුරම සතුටු උණු දවස ඊයේ !!! ඒ මගේ බෝය් ෆ්‍රෙන්ඩ් ඩොක්ටර් කෙනෙක් නිසා නෙවේ, මේ ලෝකේ මන් දන්න පුදුමාකාර දුක් විඳපු , ස්කොලෙන් හම්බුන අහිංසකම අහිංසක පිරිමි ළමයා ජිවිතේ දිනලා නිසා !!!

කැම්පස් කාලේ ඔයාට ගොඩක් අය උදව් කළා. අපි හැමෝටම හරිම සතුටුයි 

මන් ඔයා ගැන පුදුමාකාර විදිහට ආඩම්බරයි සුදු, ඔයාගේ ජිවිතේ හැමදේම හැමදාම හරි යන්න ඕනි. ඔය කවදාවත් සිතුවිල්ලකින් වත් කාටවත්, කරදරයක් කරපු කෙනෙක් නෙවේ. මගේ අම්මයි අප්පච්චිත් , මට වඩා ආදරේ ඒ නිසා වෙන්න ඇති. 

ඉතින් සුදු ,ඔයාගේ ඔය කාරුණික ගතිගුණ වලින් , හැමදාටම අහිංසක මිනිස්සු දහස් ගණනක් සුව කරන්න , මිය යන්න ඉන්න ලෙඩ්ඩු දහස් ගානක් සුව කරන ජිවක වරයෙක් වෙන්න..

ඔයාට කවදාවත් වරදින් නැහැ ! . ඔයාට වරදින්න , මන් දෙන්නෙත් නැහැ… ඔයා ජිවිතේ මොන තත්වෙක හිටියත් , ඔයා පළවෙනියටම ආදරේ කරපු සුදු ගවුමෙන් හිටපු මේ පොඩි ගෑනු ළමයා ඔයා එක්ක ඉඳීවි.

– ගොඩාක් ආදරෙන් හා ආඩම්බරෙන් , ඔයාගේ පොඩි ගෑනු ළමයා”

26/03/2024





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: