hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 පෙබරවාරි 16, පෙ.ව. 12:02



කසළ වර්ගීකරණය කරන බැහැර කරන ලෙස දැනුම් දී තිබිය දී ඇතැම් පිරිස් මහනුවර මහ නගර සීමා බල ප්‍රදේශයට අවිධිමත් ලෙස කසළ බැහැර කිරීම නිසා ඒවා ඉවත් කිරීම බරපතළ ගැටලුවක් වී ඇතැයි මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක මහතා පවසනවා.

මහනුවර නගර සීමාවේ එකතු වන කසළ මේ වනවිට ගොහාගොඩ තේක්කවත්ත කසළ අංගනය වෙත රැගෙන ගොස් බැහැර කරන බවත් එම ස්ථානයේ සවිකර තිබෙන යන්ත්‍රවලට වෙන් නොකළ කසළ දැමිය නොහැකි බවත් ඒ මහතා සඳහන් කළා.

කසළ වෙන් නොකර බැහැර කරන සුළු පිරිසක් හේතුවෙන් මේ වනවිට මහනුවර නාගරික ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් නගරයේ තැන තැන අවිධිමත් ලෙස බැහැර කර තිබෙන කසළ ඉවත් නොකරන බවට සමාජ මාධ්‍ය මගින් ඇතැම් පුද්ගලයින් නගර සභාවට කරන චෝදනා කරන බවත් කී කොමසාරිස්වරයා පුරවැසි වගකීම හඳුනා ගෙන සියලු දෙනා කටයුතු කරන්නේ නම් මේ ආකාර අවාසනාවන්ත තත්ත්වයක් උද්ගත නොවන බව ද පැවසුවා.

මේ වන විට ගොහාගොඩ කසළ අංගනයේ අලුතින් කසළ දැමීමට නොහැකි තරමට කසළ වලින් පිරීගොස් තිබෙන බවත් දෛනිකව නගරයේ එකතු වන ටොන් 100 කට ආසන්න කසළ තොගය නගර සභාවේ සේවකයින් දැඩි වෙහෙසක් ගෙන ඉවත් කරත් දී සුළු පිරිසක් කසළ වෙන්කර බාර නොදීම පිළිබඳව කනගාටු වන බව ද ප්‍රකාශ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: