hit counter

2024 දෙසැම්‍බර් මස 27 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 09, ප.ව. 4:29



බම්බලපිටිය දුම්රිය ස්ථානයේ දැනට පවතින ගුවන් පාලම ඉවත් කර දින 10ක් ඇතුළත තාවකාලික පිවිසුම් මාර්ගයක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා.

මාස 5ක් ඇතුළත නව පාලමක් ඉදිකිරීමටත් සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

මාර්ග සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්‍ෂණය යටතේ රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ඇති.

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ කඩා වැටීමේ අවදානමකට ලක්ව ඇති මගී ගුවන් පාලම නිරීක්ෂණය කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් කණ්ඩායමක් අද (09) එහි ගොස් තිබුණා.

මේ අතර මාර්ග සංවර්ධන අධිකාරිය දන්වා ඇත්තේ එම පාලම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති අතර ඉදිරියේ දී පුවත්පත් හරහා ටෙන්ඩර් කැඳවන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආසිරි කරුණාවර්ධන මහතා කියා සිටියේ.