hit counter

2026 මාර්තු මස 17 වන අඟහරුවාදා

2022 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 10:58



“බන්දුල” නමැති දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි අලියා මියගොස් ඇති බව වාර්තා වනවා.

මෙම හස්තියා මිය යනවිට 79වන වියේ පසු වුණා.

1943 වසරේ දී අනුරාධපුරයේ උපත ලැබූ මෙම හස්තියා තුන් හැවිරිදි වියේ දී අලි රංචුවෙන් වෙන් ව සිටිය දී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගැනුණා.

ඉන් අනතුරුව යි 1949 වසරේ දී මෙම හස්තියා දෙහිවල සත්වෝද්‍යානයට භාර දෙනු ලැබුවේ.