hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 මැයි 27, ප.ව. 5:57



ඉන්ධන අර්බුදය හමුවේ බොහෝ දෙනෙකු සිය ප්‍රවාහන අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා මේ වනවිට පාපැදිය වෙත යොමු වෙමින් සිටිනවා.

පවතින තත්ත්වය හමුවේ පාපැදියක මිල රුපියල් 40,000ට ආසන්න වී ඇති අතර, ඊට පවතින ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

මවුන්ටන් පාපැදි සංගමයේ සභාපති අමල් සූරිය මහතා ප්‍රකාශ කළේ දැන්වත් පාපැදිය ප්‍රචලිත කිරීම සඳහා රජයේ අවධානය යොමුවිය යුතු බවයි.

මිල ඉහළ යාම සහ ඉන්ධන හිඟවීමත් සමග නිවෙස්වල පවතින පැරණි පාපැදි අලුත්වැඩියා කර ඒවායේ ගමන් කිරීමට පුද්ගලයින් පෙළඹී තිබෙනවා.

එහෙත්, පාපැදි අමතර කොටස් වල හිඟයක් වෙළඳපලේ පවතින බවයි පාපැදි එකලස් කරන්නන්ගේ හා නිෂ්පාදනය කරන්නන්ගේ සමිති සම්මේලනයේ ලේකම් රිස්මි ඉස්මත් මහතා කියා සිටියේ.

ඉන්ධන අර්බුදයට පිලියමක් ලෙස පාපැදි සුලභ කිරීම සඳහා ඒවා ආනයනය කිරීමේදී පනවා ඇති බදු නුදුරේදී ගෙන ඒමට නියමිත සහන අයවැයෙන් ඉවත් කළ යුතු බවයි අන්තර්ජාතික පාපැදි සම්මේලනයේ විනිසුරුවරයෙකු වන එන්.කරුණාරත්න මහතා සඳහන් කළේ.

මේ අතර ඊයේ දින පා පැදියක් ලබා ගැනීමට ගිය පුද්ගලයෙකු මෙසේ අදහස් පළ කළා.

“මම ආසාවෙන් ආවේ බයික් එකක් ගන්න. ගන්න බැහැ. මම හිතුවා 20,000 ක් 22,000ක් විතර ඇති කියලා. බයික් එකක් 49,000ක්ලු. මාර තොප්පියක් වෙලා තියෙන්නේ. මෝටර් සයිකලේ පෙට්‍රල් නැති නිසා මම මට කිලෝ මීටර් 20ක් වැඩට යන්න ඕනේ උදේ. ඒ නිසා ගන්න ආවේ. කොහොමද ඉතින් ගන්නේ. මට පුදුම හිතුණා. විශ්වාස කරන්න බැරි නිසා මම ඒ පාර ඇතුලටත් ගිහින් ඇහුවා. 49,000ක් කියනවා.”