hit counter

2025 සැප්‍තැම්‍බර් මස 10 වන බදාදා

2025 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 12:04



අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයට පත්ව වසරක කාලයක් තුළ ඩොලර් මිලියන 1000ක සෘජු විදේශ ආයෝජන ලැබී ඇතැයි අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

“අනුර සහෝදරයා ජනාධිපතිවෙලා මේ සැප්තැම්බර් 21ට අවුරුද්දක් වෙනවා. ගිය ඔක්තෝම්බර් ඉඳල මේ ඔක්තෝම්බර් වෙනකොට හරියටම ඩොලර් බිලියන 1.015ක් සරළව ගත්තොත් ඩොලර් මිලියන 1000ක සෘජු විදේශ ආයෝජන ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අත්සන් කරපුව නෙවෙයි රියලයිස් වෙච්ච ඒවා.

අපි හිතනවා අපි ආණ්ඩුවක් වශයෙන් සැප්තැම්බර් 21 ජනාධිපතිතුමා ජයග්‍රහණය කළාට ආණ්ඩුවක් වශයෙන් අපිට ක්‍රියාකාරීව කටයුතු කරන්න පුළුවන් වුණේ පාර්ලිමේන්තුව පිහිටුවල නොවැම්බර් 14න් පස්සේ.

ඒ මාස දෙක පැත්තක තිබ්බත් බිඳ වැටුණු රටක, ආර්ථිකය නන්නත්තාර වූ රටක විදේශ සබඳතා තියෙනවා කියල මහලොකුවට පාරම්බාපු රනිල් වික්‍රමසිංහලාට ඩොලර් මිලියන සීයකට දෙසීයකට වඩා ගේන්න බැරි කාලෙක.

සජිත් ප්‍රේමදාසට ටෙලිෆෝන් කෝල් දෙන්න පුළුවන් වුණාට එක ඩොලර් මිලියන 25ක් ගෙන්න ගන්න බැරී කාලෙක තමයි අපි අලුත්ම කණ්ඩායමක් ලෙස ඇවිල්ලා මේ පළමුවෙනි අවුරුද්දේ ඩොලර් බිලියන එකක් ගෙනත් තියෙන්නේ. ඒකට හේතුව කාර්යක්ෂමතාවය, කැපවීම, අදුෂිත බව,දක්ෂතාවය.ඒක පිළිගන්න බැරි කුහක කණ්ඩායමකුත් මෙතන ඉන්නවා. අවශ්‍ය නම ආයෝජන මණ්ඩලයෙන් චෙක් කරගන්නත් පුළුවන්.”

පාර්ලිමේන්තුවේදී හෙතෙම මේ බව පැවසුවේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: