hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 04, ප.ව. 12:15



ඩිසල් ලීටර් 6600 රුපියල් ලක්ෂ හැටකට ආසන්න වැඩි මිලට විකිණීමට බවුසරයකින් රැගෙන ආ බවුසර් රථයේ රියදුරු සහ සහයකයා සමගින් ඔත්තු බැලීමට පැමිණි තවත් පුද්ගලයන් දෙදෙනකු ද සමග සැකපිට අත් අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි.

ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිළධාරියකු  මෙම ඉන්ධන ජාවාරම මෙහෙයවා ඇති බවත් කටුනායක ප්‍රදේශයේ ආයතනයක් වෙත නිකුත් කරන ලද ඉන්ධන තොගයක් මෙසේ  ලීටරයක් රුපියල් 900 බැගින් අලෙවි කර ඇති බවත් අනාවණය වි තිබෙනවා.

සූක්ෂම ලෙස වැඩි මිලට විකිණිම සදහා මීගොඩ ප්‍රදේශයට එවා ඇති බවත් එම කටයුතු නිවරැදිව සිදු වන්නේද බැලීමට ඔත්තුකරුවන් දෙදෙනකු ද අදාල ඉන්ධන ලබා ගන්නා බවට පොලිස් උපාය දුතයා පවසා තිබූ කර්මාන්තශාලාව ඉදිරිපිටට එවා තිබූ බවද පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් ඩීසල් තොගයෙහි වෙළඳපලෙහි සාමාන්‍ය වටිනාකම රුපියල් ලක්ෂ 28ක් පමණ වන අතර විකිණිමට කටයුතු කර ඇත්තේ ලක්ෂ 60කට බවද පොලිසිය වැඩිදුරටත් පැවසුවා.

මෙලෙස ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිළධාරියාගේ උපදෙස් මත සිදු කරන ඉන්ධන ජාවාරාමට අදාල ඉන්ධන අදාල ස්ථානය වෙත ගොඩබෑමෙන් පසු ඔත්තුකරුවන් දෙදෙනාට සහ බවුසර් රථයේ රියදුරුට සහ සහායකට විශාල මුදලක් ලබා දීමටද කටයුතු කර ඇති බව සිදු කල මූලික විමර්ශණයේදී අනාවරණය වූ බවත් පොලිසිය පවසයි.