hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 28, පෙ.ව. 5:41



පවතින පොහොර ගැටලුව හේතුවෙන් යල කන්නයේ වගා කටයුතු බොහොමයක් තවමත් ඇරඹී නැහැ.

ඒ අනුව යල කන්නයේ 50%ක් අස්වනු අඩු වීමක් සිදු විය හැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨයේ ජේෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා පවසනවා.

“මේ මොහොත වන විට අප රට තුළ තිබෙන්නේ උග්‍ර පොහොර හිගයක් වගේම උග්‍ර පලිබෝධ නාශක හිගයක්. මේ මොහොතේ ඇනවුම් කළත් කෙටි කාලීනව ගේන්න හැකියාවක් නැහැ.ජූලි මාසයේ මුල පොහොර ලැබුණේ නැත්තම් මේ කන්නයට තුල ඒ පොහොර භාවිතා කිරීමෙන් පළක් නැහැ. මේ හේතුවෙන් මේ වසර තුළ අප විසින් නිෂ්පාදනය කරන්නා වූ වී වලින් අපේ රටේ ජනතාවගේ ආහාර අවශ්‍යතාවය සපුරාලන්න බැරි තත්ත්වයකට අපි පත් වෙලා තියෙනවා. මේ වසරේ ඔක්තෝබර් මාසේ සිට සහල් හිගයක් ඇති වෙනවා. මේ නිසා ශ්‍රී ලංකා රජයට සිද්ධ වෙනවා අපි මේ ආකාරයට පරිභෝජනය ඉදිරියට කරගෙන යනවා නම් ඒ හිග පාඩුව ආනයනය කරලා අපේ ජනතාවට ලබා දෙන්න.”

එවැනි තත්ත්වයක් තුළ ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න ජේෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතාගෙන් විමසීමක් කළා.

“අපි පාරිභෝජනය කරන සහල් ප්‍රමාණය යම් පමණකට හෝ අඩු කරලා වෙනත් ආදේශකයන් ඒ සදහා යොදා ගැනීම. දෙවැනි කාරණය තමයි බත් පතේ ප්‍රමාණය අඩු වුණත් ඒ බත් පතේ තියෙන පෝෂණීය ගුණය වැඩි කර ගැනීමට සදහා අපිට පුලුවන් වේවි අපේ ගෙවත්ත තුළ හැකි උපරිම ප්‍රමාණයට කෙටි කාලීනව අස්වැන්නක් ලබා ගත හැකි භෝග වගා කරන්න. නමුත් අපි මහ කන්නය වෙනුවෙන් මේ මොහොතේ සිට සැලසුම් කිරීම ආරම්භ කළහොත් අපිට මේ පසුගිය කන්න දෙක වර්තමානයේ යල කන්නයද ඇතුලුව සිදු වූ මදි පාඩුව කෘෂිකර්මයට ඇති වී තිබෙන පීඩනය යම් පමණකට හෝ ගොඩනගලා මේ කෘෂිකර්ම අවපාතය යම්කිසි උන්නතියකට හරවන්න අපි සැම දෙනාටම පුලුවන් වේවි.”

එමෙන්ම ඉදිරියේදී ආහාර අර්බුදයකට මුහුණ දීමට සිදුවන බවට මේ වන විටත් රජය විසින් ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර රටේ පවතින සහල් සංචිතය ප්‍රමාණවත් වන්නේ සැප්තැම්බර් මැද දක්වා පමණක් බව අග්‍රාමාත්‍යවරයා පත් කළ අත්‍යවශ්‍ය  භාණ්ඩ හා සේවා පිළිබඳ සොයා බැලීමේ කමිටුවේ දී පසුගියදා අනාවරණය වුණා.

ආහාර හිඟවීමේ අර්බුදයට මුහුණදීම සඳහා විද්‍යාත්මක හා සැලසුම් සහගත වගා සංග්‍රාමයක් ආරම්භ කළ යුතු බව එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබෙනවා.

මේ අතර ඒෂියන් මිරර් වාර්තාකරුවන් සඳහන් කළේ එළවලු වර්ග මිලට සාපේක්ෂව දෙල්, මඤ්ඤොක්කා සහ කොස් වල මිල දැඩි ලෙස ඉහළ ගොස් ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: