hit counter

2024 ජූලි මස 14 වන ඉරිදා

2022 නොවැම්‍බර් 14, ප.ව. 1:29



2023 වර්ෂය සඳහා වන රජයේ අයවැය ලේඛනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මීට සුළු මොහොතකට පෙර ආරම්භ කළා.

ජනතාවගේ ආර්ථික ශක්තිය  දියුණු කිරීම මෙම අයවැයෙ  බලාපොරොත්තුව බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළා.

අයවැය ඉදිරිපත් කරන අද දිනයේ පාර්ලිමේන්තු පරිස්‍රයේ සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂක විධිවිධාන දෙගුණයකින් පමණ වැඩි කර තිබෙනවා.

Live updates…..

ප.ව 2.50 ජනපතිවරයාගේ අයවැය කථාව අවසන්

ප.ව 2.49 ආංශික අධීක්ෂණ කාරක සභා කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිනවා.

ප.ව 2.48 මුහුණු මාරු කරන දේශපාලනයෙන් ඉවත් වී ක්‍රමය මාරු කරන දේශපාලනයකට යාමේ අභියෝගය බාර ගනිමු. ඒ සඳහා විපක්ෂයෙන් ද සහය ලබනු ඇතැයි අප සිතනවා.

ප.ව 2.47 රජයේ රෝහල්වල ගෙවීමේ වාට්ටු ක්‍රමය නැවත ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා

ප.ව 2.46 රැඳවියන් සඳහා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමට මිලියන සියයක් වෙන්කර තිබෙනවා.

ප.ව 2.45 ආගමික  ස්ථාන සඳහා සූර්ය පැනල ලබාදෙන්නට කටයුතු කරනවා.

ප.ව 2.42 මද්‍යසාර නිෂ්පාදන වල ගුණාත්මකභාවය බැලීම සඳහා අලුත් අලුත් ආයතනයක් පිහිටුවීමට රුපියල් මිලියන සීයක් වෙන් කරනවා.

ප.ව 2.41 දේශගුණය වෙනස්වීම පිළිබඳ පිළිබද ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක් පිහිටුවනවා.

ප.ව 2.40 ත්‍රෛලෝක විජය පත්‍ර බෝග අපනයන සඳහා නිෂ්පාදනය කිරීම. ඒවා අපනයනය සඳහා පමණක් නිෂ්පාදනය කිරීමට හැකියාව සොයා බැලිය යුතුයැයි යෝජනා කරනවා මේ සඳහා විශේෂඥ කමිටුවක් පත් පත් කිරීමට යෝජනා කරනවා.

ප.ව 2.39 පොල් ඉඩම් කැබලි කිරීම කාලයකට සීමා කරනවා. දැනට පවතින්නේ අක්කර 4ක් ලෙසයි. කෘෂි ව්‍යවසායක ගම්මාන දහයක් ස්ථාපිත කරනවා.

ප.ව 2.36 ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරියක් පිහිටුවනවා.

ප.ව 2.35 තෝරාගත් රාජ්‍ය ව්‍යවසායන්හි ශ්‍රේෂ්ඨ ශක්තිමත් කිරීම සඳහා චීන එක්සිම් බැංකුවෙන් රජය ලබා ගන්නා ලද ණය දෙසැම්බර් අවසානය වන විට මධ්‍යම රජයේ ණය ලෙස හඳුන්වනු ඇත.

ප.ව 2.33 වාහන වියදම් ඉහළ යාම උද්ධමන තත්ත්වය නිසා රජයේ සේවකයන් සහ විශ්‍රාමිකයන් නිසා අසීරුතාවයකට පත්ව තිබෙනවා. තවත් වසරකින් රජයේ ආදායම වැඩි වනු ඇතැයි අපේක්ෂා කරනවා. ප්‍රශස්ත මට්ටමේ රාජ්‍ය සේවයක් ඇති කිරීමට හැකි වෙනවා 2023 වසර අග වන විට රජයේ සේවකයන්ට සහ විශ්‍රාමිකයන්ට සැලකිය යුතු සහනයක් ලබා දිය හැකි ඒවි යැයි සිතනවා පෞද්ගලික අංශයටත් ඒ වන විට සහනයක් දෙන්නට දෙන්න බලාපොරොත්තු වෙනවා

ප.ව 2.32 සන්නද්ධ හමුදා සාමාජිකයන් සඳහා කලින් විශ්‍රාම ගැන්වීමට අවසර ලබාදෙනවා. අවුරුදු 18 ක සේවා කාලයකින් පසුව විශ්‍රාම ගැනීමට ඔවුන්ට අවස්ථාව ලබා දෙනවා.මෙය අනිවාර්ය කරන්නේ නැහැ කැමති අයට පමණක් ඉවත් විය හැකියි

ප.ව 2.31 රාජ්‍ය වියදම් දැඩි ලෙස පාලනය කිරීම සඳහා චක්‍රලේඛන උපදෙස් ගණනාවක් නිකුත් කර තිබෙනවා.

ප.ව 2.30 අවුරුදු 18 ට වැඩි සෑම කෙනෙකුටම බදු ගොනුවක් විවෘත කළ යුතු බව කිව්වද බොහෝ අය බදු ගෙවීමේ තත්ත්වයෙන් පහළ සිටිනු ඇත. 

ප.ව 2.27 විදේශ ගමන් බලපත් ගාස්තු සහ වීසා සහ අනෙකුත් ගාස්තු ඉහළ නැංවීමට කටයුතු කරනවා.

ප.ව 2.22 බීඩියක් මත රුපියල් දෙකක බද්දක් පනවනවා

ප.ව 2.22 පෞද්ගලික අංශ සේවකයන්ට රක්ෂණාවරණයක් සකස් කරනවා.පෙනුමෙන් රක්ෂණ අරමුදල ස්ථාපිත කිරීමට යෝජනා කරනවා. රජයේ සේවකයන් සඳහා වන අග්‍රහාර රක්ෂණයෙන් ප්‍රතිලාභ ලැබෙන අතර පෞද්ගලික අංශය සඳහා ද එවැනි රක්ෂණයක් ලබාදීමට ලබාදීමට යෝජනා කරනවා.

ප.ව 2.21 පෞද්ගලික දත්ත සැකසුම් නියාමනය කිරීම සඳහා දත්ත ආරක්ෂණ අධිකාරියක් පිහිටුවනවා.

ප.ව 2.20 බදුකරණය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවක්. ඉදිරි වසර කීපය තුළ රාජ්‍ය ආදායම ක්‍රමිකව වර්ධනය කළ යුතුයි.

ප.ව 2.20 රාජ්‍ය ආදායමෙන් වැඩි කොටසක් රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් සහ වේතන වෙනුවෙන් වැය කළ යුතුයි සංවර්ධන කාර්යයන් වෙනුවෙන් මුදල් වෙන් වෙන් කිරීම අභියෝගයක් වී තිබෙනවා

ප.ව 2.19 ලංකා ඉතිහාසය හා පර්යේෂණය කිරීම සඳහා ආයතනයක් පිහිටුවනවා. ඒ සඳහා රුපියල් මිලියන 50 ක් වෙන් කරනවා. ලංකා ඉතිහාසය අමතක කිරීම බොහෝ ප්‍රශ්නයක් වී තිබෙනවා බොහෝ දෙනෙක් ඉතිහාසය දන්නේ නැහැ.

ප.ව 2.18 ඌව වෙල්ලස්ස විශ්ව විශ්වවිද්‍යාලය යටතේ ද අලුතින් වෛද්‍ය පීඨයක් ඇරඹීමට රුපියල් මිලියන 200 ක් වෙන් කරනවා.

ප.ව 2.16 උසස් පෙළ විභාගයේ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබන හැත්තෑපස් දෙනෙකු සඳහා විදේශ විශ්වවිද්‍යාල ශිෂ්‍යත්ව 75ක් ලබාදීමට කටයුතු කරනවා. මේ සඳහා අරමුදල් ජනාධිපති අරමුදලෙන් වෙන් කරනවා. විශ්වවිද්‍යාලවල උසස් අයුරින් අධ්‍යාපනය ලබන සිසුන් 75ක් සඳහා විෂය විදේශ විශ්ව විද්‍යාල වල පශ්චාත් උපාධිය හැදෑරීමට අවස්ථාව දෙනවා.

ප.ව 2.16 විශ්වවිද්‍යාල උපාධි සඳහා තත්ව සහතික මණ්ඩලයක් ඇති කරනවා

ප.ව 2.16 වෛද්‍යවරුන් සඳහා පශ්චාත් උපාධි ආයතනය කොළඹ කොළඹට පමණක් සීමා වී තිබෙනවා පේරාදෙනිය රුහුණ සහ යාපනය විශ්ව විද්‍යාලවලත් පශ්චාත් උපාධි ආයතන ආරම්භ කරන ලෙස රුපියල් බිලියන 60 ක් වෙන් කර තිබෙනවා.

ප.ව 2.14 ග්‍රාමීය පාසල් පාසල්වල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා මිලියන 200 ක් වෙන් කර තිබෙනවා.

ප.ව 2.13 ක්‍රීඩා ආශ්‍රිත සංචාරක කර්මාන්තය සඳහා ජලය මත ලිස්සා  යාම වැනි ත්‍රාසජනක ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීමට යෝජනා කරනවා.

ප.ව 2.11 කුරුඳු  කර්මාන්තය සඳහා කරන්දෙනිය ප්‍රදේශයේ නව දෙපාර්තමේන්තුවක් පිහිටුවනවා.

ප.ව 2.10 ඛනිජ සම්පත් ආර්ථික සංවර්ධනයට දායක කර ගැනීම ඉතා අඩු මට්ටමකින් සිදු වෙනවා. ඒවා ජාතික සංවර්ධනයට ඵලදායි ලෙස යොදා ගැනීමට සුදුසු ප්‍රතිපත්තියක් සකස් කරනවා.

ප.ව 2.10 ඩිජිටල්  තාක්ෂණය සඳහා සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති ආදිය ඇතුළත් වන පරිදි ඩිජිටල් තාක්ෂණ කර්මාන්ත  අමාත්‍ය මණ්ඩලයට වාර්තා කිරීම සඳහා මණ්ඩලයක් පත් කරනවා.

ප.ව 2.09 භාවිතා නොකරන ඉඩම් දිගු කාලීන බදු පදනම මත අපනයන බෝග වගා කිරීමට යොදා ගන්නවා.

ප.ව 2.05 කම්කරු නීතිය යල් පැන ගිය හා එකිනෙක හා සම්බන්ධයක් නොමැති බැවින් ආර්ථිකයට හා සේවක දෙපාර්ශවයටම ප්‍රතිලාභ සැලසෙන පරිදි තනි කම්කරු නීතියක් බලාත්මක කිරීමට යෝජනා කරනවා.

ප.ව 2.05 ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් පිහිටුවීමට යෝජනා කරනවා.

ප.ව 2.04 සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම සමග සමඟ කලාපීය සබඳතා ගොඩනඟා ගැනීමට මූලික පියවර තබනවා.

ප.ව 2.04 ඉන්දියාව හා චීනය වැනි ප්‍රධාන වෙළඳපොළවල් සමඟ සම්බන්ධ වීමේ උත්සාහය ආරම්භ කර තිබෙනවා

ප.ව 2.03 බදු සහන මත පදනම්ව විදේශ ආයෝජකයන් ආකර්ශනය කර ගැනීම සඳහා විකල්ප යාන්ත්‍රණයක් ද විමසා බැලිය යුතුයි මේ වැඩසටහන සඳහා රුපියල් මිලියන 300 ක් වෙන් කරනවා.

ප.ව 2.02 විදේශ විනිමය ගලා ඒම සමාලෝචනය කළ යුතුව තිබෙනවා. ආයෝජන මණ්ඩලයේ අපනයන සංවර්ධන මණ්ඩලය හා ආදී හැම එකක්ම හරියට ක්‍රියා කළා නම් ආයෝජන ගැන ප්‍රශ්නයක් ඇති වන්නේ නැහැ.

ප.ව 2.01 මැදි කාලීන ආර්ථික වර්ධනය සියයට 5ක් දක්වා ළඟා වනු ඇතැයි අප අපේක්ෂා කරනවා. 

ප.ව 2.00 බොහෝ  ආණ්ඩු ජනප්‍රියතාවය වෙනුවෙන් ඉටු නොකළ කාර්යභාරයන් අප රට වෙනුවෙන් ඉටු කරනවා.

ප.ව 1.59 අපේ ආර්ථික ප්‍රතිසංස්කරණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ එකඟතාවකට සීමා වන්නේ නැහැ. ආර්ථික ස්ථායිකරණය සඳහා පමණක් මූල්‍ය අරමුදල එකගතා සීමා සීමාකර ගන්නවා.

ප.ව 1.58 2048 වෙද්දි සංවර්ධිත රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත් කර ගැනීමට අලුත් ප්‍රවේශයක් ලබා ගන්නවා. වාද විවාද කිරීමෙන් ඵලක් නැහැ කළ යුත්තේ අනාගතයට රටක් හදා දීමයි.

ප.ව 1.57 පෞද්ගලික අංශයට නායකත්වය හිමි වන තරගකාරී නවීන ආර්ථිකයක් අප හැදිය යුතුයි

ප.ව 1.56 සියයට හතක් හෝ අටක් ඉහළ ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරනවා.

ප.ව 1.55 අප නිර්මාණය කරන සමාජ ආරක්ෂණ විවෘත ආර්ථිකය ඔස්සේ මේ ඉලක්ක මුලින්ම සපුරා සපුරාගැනීමට අපේක්ෂා කරනවා.

ප.ව 1.54 ආර්ථික නවීකරණය සඳහා අවශ්‍ය අණපනත් අප නොබෝ දිනකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

ප.ව 1.54 අධ්‍යාපනය සෞඛ්‍ය කෘෂිකර්මය ජාතික ආරක්ෂාව ආදී සියල්ල නවීකරණයට ලක් කළ යුතුව තිබෙනවා. නවීකරණය කළ යුත්තේ ගෝලීය සිද්ධාන්ත සැලකිල්ලට ගනිමින්. 

ප.ව 1.52 බදු ක්‍රමය වෙනස් කළ පමණින් අලුත් ආර්ථිකයක් ගොඩනගන්න බෑ අලුත් ආදායම් මාර්ග සොයා ගත යුතුයි.

ප.ව 1.51 නිදහස් අධ්‍යාපනය මෙන්ම සෞඛ්‍ය සේවා සුභසාධන කාර්යයන් වලින් සමාජයේ සියලු දෙනාට සමාන ප්‍රතිලාභ ලැබෙන වා දැයි බැලිය යුතුයි.

ප.ව 1.50 අප නිර්මාණය කළ යුත්තේ ඒක පුද්ගල ඒකපුද්ගල ආදායමට සරිලන ජීවන ක්‍රමයක් නොවේ. අරුණ තරුණයන් සරිලන ජීවන ක්‍රමයට ආදායම වැඩි කළ යුතුව තිබෙනවා

ප.ව 1.48 අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ආර්ථිකය පුබුදන බලවේගයක් ගොඩ නගමු මේ අයවැයෙන් අප උත්සාහ කරන්නේ ඒ බලවේග කරගත හැකි පදනමක් ගොඩ නැගීමයි.

ප.ව 1.46 අප වර්තමානය ගැන අලුතින් සිතිය යුතුයි. කොට්ට උරයක් සේ අනිත් පිට හරවා අලුත් ඇහැකින් ලෝකය දෙස බැලිය යුතු බව සුගතපාල ද සිල්වා  මරාසාද් නාට්‍යයේ  කියා තිබෙනවා.

ප.ව 1.45 තරුණයන් බලාපොරොත්තු වන්නේ ක්‍රමවේදයේ වෙනසයි අප අලුත් ආර්ථිකය නිර්මාණය කරන්නේ තරුණ තරුණියන්ගේ හෙට දවස වෙනුවෙන්. 1977 ඒ ආර්ථික පදනම අදට ගැළපෙන්නේ නැහැ

ප.ව 1.45 මේ වන විට රාජ්‍ය ව්‍යවසායන් හාරසිය විස්සක් නඩත්තු කරනවා.මෙයින් බොහොමයක් පාඩු ලබනවා ඒවා තව දින දෙක තුනකින් පාර්ලිමේන්තුවේ සභාගත කරනවා.

ප.ව 1.43 අපේ සැබෑ ජාතික සම්පත තරුණ පරපුරයි. තරුණ පරපුර ආරක්ෂා කර ගැනීම සඳහා නිසි පියවර ගෙන ඇති නම් ඔවුන් රට හැර යාමට පෝලිම් ගැසෙන්නේ ඇයි ජාතික සම්පත් යනු ත්‍රිකුණාමලයේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි නොවේ.

ප.ව 1.43 ණය ගත යුත්තේ පරිභෝජනය සඳහා නොව ආයෝජනය සඳහා බව බුදුන් වහන්සේ ද කියා තිබෙනවා නමුත් අප කළේ කුමක්ද?ණය ගනිමින් පරිභෝජනය සඳහා වියදම් කිරීමයි. අප කළේ රටට ණය වෙමින් මඟුල් කනවා වගේ වැඩක්. 

ප.ව 1.40 ජනතාව පුරුදු වී ඉන්නේ සහන ලබා ගැනීමටයි ආණ්ඩු ක්‍රියා කරන්නේ දියුණු වේ මාවත හෙළි කරන්නට නොව සහන ලබා දීමටයි. ජනප්‍රිය මාවතේ ඉදිරියට යාමෙන් රටට අනාගතයක් නැහැ. දැන්වත් අප මේ තත්ත්වයෙන් මිදී චින්තන රටාව වෙනස් කර ගනිමු.

ප.ව 1.38 මහා පරිමාණයේ විදේශ ආදායම් ලබන ක්ෂේත්රය නිර්මාණය කර නිර්මානය කර ගන්නට නොහැකි වූයේ ඇයි දැයි සොයා බැලිය යුතුයි

ප.ව 1.36 නව ලොවකට ගැලපෙන නව ආර්ථිකයක් අරඹනවා. අපට වැරදුනේ වැරදුණේ කොතැන දැයි සෙවිය යුතුයි.

ප.ව 1.35 පසුගිය කාලයේ අනුගමනය කළ ක්‍රියාමාර්ගය නිසා උද්ධමනය යම් පමණකින් අඩු කරගන්නට හැකිවුණා

ප.ව 1.35 ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා චීනය ඉන්දියාව සමග අදහස් හුවමාරු කර ගන්නවා.

ප.ව 1.35 දුක් කරදර යම් ප්‍රමාණයකට අඩු සැනසිලිදායක යුගයකට පැමිණ තිබෙනවා

ප.ව 1.34 ශ්‍රී ලංකාව නව ආරම්භයක් කරා අයවැයේ තේමාවයි

ප.ව 1.34 ආර්ථික අගාධයෙන් ගොඩ ඒමේ මාර්ගයට ආලෝකයක් වැටී තිබෙනවා

ප.ව 1.33 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ කළා.

සජීව විකාශය පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: