hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2024 මාර්තු 08, ප.ව. 12:28



කැනඩාවේ ඔටාවා අගනුවරට තදාසන්න බැර්හෙවන් ප්‍රදේශයේ පදිංචිව සිටි එකම පවුලේ සාමාජිකයින් පස් දෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙකු නිවස තුළදීම සාහසික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ශ්‍රී ලාංකික තරුණයා අධිකරණයට ඉදිරිපත්කර තිබෙනවා.

එහිදී සැකකරු ඉතා අඩුවෙන් කථාකර ඇති අතර අධිකරණයේ නැවත වාඩි වීමට ප්‍රථම ඔහුගේ නම සහ උපන් ස්ථානය පමණක් සඳහන් කර තිබුණා.

නැවතත් ඔහු ලබන 14වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ වනවිට සැකකරුට මිනීමැරුම් හයක් සහ මිනී මැරීමට උත්සාහ කිරීම යන චෝදනා එල්ල වී ඇති බවයි. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: