hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 මාර්තු 10, පෙ.ව. 12:01



ඔටාවා  නගර ඉතිහාසයේ සිදු වූ දරුණුතම සමූහ ඝාතනය පිළිබඳව පොලිසිය තව දුරටත් විමර්ශනය කරමින් සිටිනවා.

මේ අතර එම ප්‍රාන්ත පොලිසිය පවසන්නේ මෙම ඝාතනය සඳහා යොදාගත් පිහිය දඩයම් පිහියකට සමාන පිහියක් බවටයි.

බදාදා රාත්‍රියේ බැර්හැවන් හි බෙරිගන් ඩ්‍රයිව් හි පිහිටි ඔවුන්ගේ නිවසේදී මවක්, ඇගේ කුඩා දරුවන් හතර දෙනා සහ පවුලේ හිතවතෙකු මරා දමා ඝාතනය කර තිබුණා.

මෙම සිද්ධියෙන් දිවි ගලවා ගැනීමට සමත් වුණේ ධනුෂ්ක වික්‍රමසිංහ නැමැති 34 හැවිරිදි පුද්ගලයෙක් පමණයි.

මෙම සමූහ ඝාතනයට සම්බන්ධ 19 හැවිරිදි සිසුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුද එම නිවසේම දිවි ගෙවා ඇති බවට සඳහන්.

මේ අතරම මෙම නිවසෙහි හිමිකරුද සිද්ධිය සම්බන්ධව අදහස් පළ කර තිබෙනවා.

හර්පීට් චබ්‍රා නැමැති එම පුද්ගලයා පවසා තිබුණේ 19 හැවිරිදි සැකකාර සිසුවා සහ ඝාතනයට ලක් වූ 40 හැවිරිදි පුද්ගලයා මෙම නිවසේ ජීවත්ව සිටි බවට තමා නොදන්නා බවටයි.

හොඳ නිවැසියකු වූ ධනුෂ්ක නිසි වෙලාවට කුලී ගෙවා සිය නිවසද හොඳින් බලාගත් බවටද පොලීසිය හමුවේ ප්‍රකාශ කර ඇති බවට එරට මාධ්‍ය වාර්තා කර තිබුණා.

” ඒ අය ඒ ගෙදර ජීවත් වෙන අතර තුර මොන වගේ දේවල් සිදු වුණාද කියන්න දන්නේ නැහැ. ඒ රාත්‍රියේ කුමක් සිදු වුණාද යන්න මම දැන ගෙන හිටියේ නැහැ. නමුත් තවත් අය සිටීම ගැන ඔවුන් මාව දැනුවත් කරන්න තිබුණා”

සිද්ධිය සිදු වුණ දවසේ රාත්‍රියෙහි නිවාස හිමිකරු සංචාරයක් සඳහා ගුවන්තොටුපළ වෙත ගොස් සිට ඇති බවටද සඳහන්, මේ අතරම විපතට පත් වූවන්ගේ පවුල්වලට ආධාර කිරීම සඳහා මුදල් රැස් කිරීමට GoFundMe නමින් ව්‍යාපාරයක් ද ආරම්භ කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: