hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 මාර්තු 13, ප.ව. 12:39



පසුගියදා ඉමහත් ආන්දෝලනයක් ඇති කරමින් කැනඩාවේ ඔටාවා නුවර නිවසකදී සයදෙනෙකු ඝාතනය කළ ශ්‍රී ලාංකික සිසුවා  වන 19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා සම්බන්ධයෙන් එරට මාධ්‍ය මගින් තවත් කරුණු සොයාබැලීම් සිදු කර තිබෙනවා.

දැනට අත්අඩංගුවේ පසුවන මෙම සිසුවා Algonquin විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වූ නමුත් 2023 ශීත ඍතු වාරයේ සිට සහභාගි වී නොමැති බව Algonquin විද්‍යාලයේ ප්‍රකාශකයෙක් තහවුරු කළා.

ඔහු වින්දිතයන් සමඟ Barrhaven හි Berrigan Drive හි කුලියට නොගෙන හිතවත්කම මත වාසය කර ඇති බව ඝාතන සිදුවිමෙහි වින්දිතයන්ගේ මිතුරෙකු සහ හිල්ඩා ජයවර්ධනාරාම බෞද්ධ ආරාමයේ නේවාසික භික්ෂුවක් වන භන්තේ සුමනරතන හිමි පැවසුවා.

සිසුවාගේ 19 වැනි උපන්දිනය සැමරීමට පවුලේ අය පසුගියදා උදව් කළ බවද ඔහු ආසා යයි කී චීස් කේක් සාදා දුන් බවද සුමනරතන හිමි පැවසුවා.

සිසුවා කැනඩාවට පැමිණියේ මීට වසර දෙකකට පෙර බව ඔහුගේ නැන්දා පැවසූ බව ග්ලෝබල් නිව්ස් වාර්තා කර තිබුණි.

පළමු මාසයේ ඔහුගේ නැන්දණිය සමඟ ජීවත් වූ අතර පසුව ඥාති නිවෙස්වල වාසය කරන අතර පාසලට ළඟ නිවසක් වූ බැවින්  ඇල්ගොන්කින්හිදී මුණගැසුන වික්‍රමසිංහගේ නිවසේ වාසයට ගොස් ඇත.

මෑතකදී ඔහුගේ හැසිරීම හදිසියේම වෙනස් වී ඇති අතර ඔහු පවුලේ සාමාජිකයන් සමඟ සම්බන්ධතා නතර කර ඔවුන්ගේ දුරකථන අංක සහ සමාජ මාධ්‍ය ගිණුම් අවහිර කළ බව ඔහුගේ නැන්දා ග්ලෝබල් නිව්ස්  වෙත පැවසුවා.

ඔහු YouTube හි Minecraft වීඩියෝ ක්‍රීඩාවේ වීඩියෝ පළ කිරීම සඳහා ප්‍රසිද්ධ විය.

ඔහුගේ YouTube ගිණුම මේ වන විට ඉවත් කර ඇත.

යූ ටියුබ් හිමි Google හි ප්‍රකාශකයෙක් විද්‍යුත් තැපෑලෙන් ottawa citizen වෙබි අඩවියට මෙසේ පැවසුවා.

 “ඔටාවා හි ඛේදජනක ප්‍රහාරයෙන් පසුව, අපගේ  මාර්ගෝපදේශවලට අනුකූලව සැකකරු සමඟ සම්බන්ධිත යූ ටියුබ් නාලිකාවක් හඳුනාගෙන අවසන් කරන ලදී. පරිශීලකයෙකුගේ වේදිකාවෙන් පිටත හැසිරීම YouTube ප්‍රජාවට හානි කරයි නම්, අපි පියවර ගත හැක. ඔහුගේ යූටියුබ් නාලිකාවේ සටහන්ව තිබුනේ Minecraft වීඩියෝ ක්‍රීඩාව ආශ්‍රිත උඩුගත කිරීම්ය. ඒවා ප්‍රචණ්ඩත්වය සහිත ඒවාය. එසේම ඒවා ඉදිරිපත්කර ඇති ආකාරය අනුව ඔහු වීඩියෝ ක්‍රීඩා ඇබ්බැහියෙකු ලෙස උපකල්පණයකට එළැඹීමට හැකිය”

ඝාතකයාගේ චේතනාව සොයා ගැනීමට තවමත් කටයුතු කරමින් සිටින බව පොලිසිය පවසයි.

CTV ප්‍රවෘත්ති වාර්තා අනුව ප්‍රහාරය සඳහා පිහි එකක් හෝ කිහිපයක් භාවිතා කර ඇත්දැයි සොයා බලමින් පවතින අතර මූලික අවිය දඩයම් පිහියකට සමාන බවද වාර්තා කර ඇත.

මාර්තු 06 බදාදා රාත්‍රී ඇතිවූ සිදුවීමෙන් පසු ෆෙබ්‍රියෝ ද සොයිසා අත්අඩංගුවට ගෙන ඇත්තේ රාත්‍රී 11ට පෙරය. ඔහු ඝාතන සිදුකර නගරයේ සැරිසරමින් සිටියදී පොලිසියට හසුවිය.

07 බ්‍රහස්පතින්දා පස්වරුවේ ඔහු අධිකරණයේ කෙටියෙන් පෙනී සිටියා.

තමාගේ නම වයස පමණක් ඔහු එහිදී කී අතර නීතීඥ සහය නැතිව කිසිවක් කිව නොහැකි යයි පැවසුවා.

මාර්තු 14 වැනිදා එවම් හෙට යළි අධිකරණයේ පෙනී සිටීමට නියමිතයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: