hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 මාර්තු 13, පෙ.ව. 12:02



අම්මාලා , තාත්තලා තමන්ගේ දරුවෝ ගැන මීට වඩා අවධානයෙන් ඉන්න ඕන.

ඔවුන් කුඩා කාලේ ඉඳලාම ආගමික පරිසරයක් එක්ක බැඳුණු යහගුණදම්වලින් පිරුණු සමාජයක හැදුනා නම් සමහරවිට මෙහෙම කතා ඇහෙන්නේ නැති වෙන්නත් තිබුණා.

කැනඩාවේ ඔටාවාහී දී ඝාතනයට ලක්වූ ලාංකිකයින් හය දෙනාගේ අවසන් කටයුතු ඔටාවා හී හිල්ඩා ජයවර්ධනාරාම බෞද්ධ මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් සිදුකිරීමට නියමිත බව කැනඩා බෞද්ධ කොංග්‍රසයේ සභාපති නාරද කොඩිතුවක්කු පවසනවා.

කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ මියගිය අයගේ පවුලේ සමීපතම ඥාතීන් කිහිප දෙනෙකු පමණක් අවසන් කටයුතු සඳහා සහභාගී කරවා ගැනීමට බලාපොරොත්තු වන බවයි.

කැනඩාවේ ඔටාවාහී බාහෙවන් ප්‍රදේශයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික පවුලක මව සහ දරුවන් සිව් දෙනෙකු ඇතුළු 06 දෙනෙකු ඝාතනය කිරීමේ ඛේදජනක පුවත වාර්තාවුණේ පසුගිය 06 වැනිදා රාත්‍රියේදීයී.

සිද්ධියෙන් තුවාල ලැබූ පවුලේ පියා වන ධනුෂ්ක වික්‍රමසිංහ බරපතල තුවාල ලබා රෝහල්ගත කෙරුණු අතර ඔහු මේවනවිට සුවය ලබමින් සිටින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ෆෙබ්‍රියෝ ද සොයිසා නමැති 19 හැවිරිදි සිසුවාගේ මව්පියන් සහ ශ්‍රී ලංකාවේ ඥාතීන් සම්බන්ධ කර ගැනීම සඳහා කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කරමින් සිටිනවා.

ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකිකයින් 06 දෙනාගේ අවසන් කටයුතු ඔටාවා හී හිල්ඩා ජයවර්ධනාරාම බෞද්ධ මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් සිදුකිරීමට නියමිත බව කැනඩා බෞද්ධ කොංග්‍රසය පවසනවා.

මියගිය දරුවන්ගේ පියා වන ධනුෂ්ක වික්‍රමසිංහ ඒ සඳහා සිය අවසරය ලබාදී ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.

ධනුෂ්ක වික්‍රමසිංහගේ පවුලේ ඥාතීන් දෙදෙනෙකු ඉදිරි දින කිහිපය තුළ කැනඩාවට පැමිණීමට ද නියමිතයි.

ඝාතනය සිදුවූ නිවසේ සිටි ඝාතනයට ලක්වූ 40 හැවිරිදි ගාමිණී අමරකෝන්ගේ මුල් පදිංචිය බණ්ඩාරවෙල වන අතර විදෙස්ගතවීමට පෙර ඔහු පදිංචිව සිට ඇත්තේ රාජගිරිය ප්‍රදේශයේයී.

මේ අතර ඝාතනයට ලක් වූ පවුලේ අවසන් කටයුතු සඳහා GoFundMe නමින් අරමුදලක් පිහිටුවීමට කැනඩාවේ බෞද්ධ කොංග්‍රසය පියවර ගත්තා.

ඊට අමෙරිකානු ඩොලර් ලක්ෂයකට අධික මුදලක් එකතු වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඝාතනයට ලක් වූ හත් හැවිරිදි ඉනුක වික්‍රමසිංහගේ මිතුරෙක් පළ කළේ මෙවැනි අදහසක්.

”අපි එයාලට ආදරෙයි. එයාලා ශ්‍රී ලංකාවේ ඉඳන් ආවේ. මියගිය අයට අපි ශෝකය පළ කරනවා.”

මේ අතර උසස් අධ්‍යාපනය සඳහා කැනඩාවට ගොස් සිටින ශ්‍රී ලාංකික දරුවන් එරට පිහිටි ආගමික මධ්‍යස්ථාන හෝ ශ්‍රී ලාංකික සංසද සමඟ සම්බන්ධ කරවීමට මෙරට සිටින ඔවුන්ගේ මව්පියන් ඇතුළු ඥාතීන් කටයුතු කළ යුතු බව ඔටාවා හී හිල්ඩා ජයවර්ධනාරාම බෞද්ධ මධ්‍යස්ථානයේ පූජ්‍ය නුගේගලයායේ ජිනානන්ද හිමි ඉල්ලීමක් කරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: