hit counter

2025 ඔක්‍තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:07



මෙරට වයස අවුරුදු පහට අඩු දරුවන්ට මන්දපෝෂණය වැලඳීමේ ප්‍රවණතාවක් නිර්මාණය වී ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව පැවසීය.

පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය මගින් නිකුත් කරන ලද නවතම 2025 පෝෂණ වාර්තාවට අනුව, වෛද්‍යවරයා මේ බව අනාවරණය කරයි.

වාර්තාවට අනුව, සමස්ත දරුවන් 11,73,583 ක් අතරින් 1,88,714 ක් පමණ වයසට ගැළපෙන බර නොදරන අතර, ඉන් දස දහසකට ආසන්න ප්‍රමාණයක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බව හෙළි වී තිබේ.

මීට අමතරව, මධ්‍යස්ථ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 90,789 ක් ද, නියමිත උස නොදරන දරුවන් 1,18,658 ක් ද, උසට ගැළපෙන බර නොදරන දරුවන් 1,00,938 ක් ද පමණ සිටින බව වෛද්‍යවරයා සඳහන් කරයි.

එමෙන්ම දරුවන් තිස්දහසකට ආසන්න ප්‍රමාණයක් වයසට ගැළපෙන බරට වඩා වැඩි බර ප්‍රමාණයක් දරන බවද එම වාර්තාවෙන් පැහැදිලි වන බව වෛද්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

මන්දපෝෂණ අර්බුදය වැඩි වශයෙන්ම බලපා ඇති දිස්ත්‍රික්ක ලෙස නුවරඑළිය, අනුරාධපුරය, මහනුවර, මඩකලපුව, ත්‍රිකුණාමලය, හම්බන්තොට, ගාල්ල, මාතර, මොණරාගල, කළුතර, ගම්පහ සහ කොළඹ නම් කර ඇත.

මෙම තත්ත්වය හමුවේ, හඳුනා ගන්නා ලද මෙම මන්දපෝෂණ අවදානමෙන් පෙළෙන දරුවන් සම්බන්ධයෙන් ප්‍රමුඛතා වැඩපිළිවෙළක් යටතේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා වැඩසටහන් සම්පාදනයට රජය වහාම අවධානය යොමු කළ යුතු බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව රජයෙන් ඉල්ලා සිටියි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: