2025 අප්‍රේල් 16, පෙ.ව. 12:16
රටේ අධ්‍යාපන ක්‍රමය දැඩි අර්බුදයකට මුහුණ දී ඇති අතර විශේෂයෙන්ම නාගරික ජාතික පාසල්වල අපොස උසස් පෙළ පන්තිවල දළ වශයෙන් ගුරුවරුන් 30,000ක පමණ හිඟයක් පවතින බව පිළිගෙන තිබියදීත් අර්ථවත් ක්‍රියාමාර්ග ගැනීමට රජය අසමත් වීම ගැටළුවක් බව ලංකා ගුරු සංගමය පවසයි.
එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, විශේෂයෙන් කොළඹ වැනි නාගරික ප්‍රදේශවල ජාතික පාසල්වල දරුවන් මෙම ගැටළුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බවයි.
දැනට සිටින ගුරුවරුන් අධික වැඩ බරින් යට වී සිටින අතර, සුදුසුකම් ලත් ගුරුවරුන්, විශේෂයෙන්ම විද්‍යාව, ගණිතය සහ තොරතුරු තාක්‍ෂණය වැනි විෂයයන් සඳහා ඉංග්‍රීසි මාධ්‍ය උපාධිධාරීන් සඳහා තීරණාත්මක අවශ්‍යතාවක් පවතින බව පවසන ජෝසප් ස්ටාලින්, තත්වය බරපතල අර්බුදයක් බව පෙන්වාදෙයි.
ගුරු හිඟය හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සූදානම් වන දහස් සංඛ්‍යාත සිසුන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය අඩාල වන බවට ද ඔහු අනතුරු අඟවයි.
මේ අතර ගුරු පුරප්පාඩුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් මිට පෙර අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසා තිබුණේ, රට පුරා ගුරු පුරප්පාඩු 40,000කට අධික සංඛ්‍යාවක් පවතින බවත්, ඉන් පුරප්පාඩු 2652ක් ජාතික පාසල්වල පවතින බවත්ය.
මෙම පුරප්පාඩු පිරවීමට උත්සාහ කළද, නිලධාරිවාදී බාධක සහ නීතිමය අභියෝග එම උත්සාහය ප්‍රමාද කර ඇති අතර, සිසුන් සහ ගුරුවරුන් යන දෙඅංශයම අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇත.
ගුරු හිඟය උග්‍ර වන විට බොහෝ සිසුන් සහ දෙමාපියන් විධිමත් අධ්‍යාපන ක්‍රමයේ ඇති හිඩැස්වලට පිළියම් සොයා පෞද්ගලික උපකාරක අංශය වෙත යොමු වී ඇත.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය වසන්ත අතුකෝරල අනාවරණය කර ඇත්තේ, මේවන විට උපකාරක පන්ති ක්ෂේත්‍රයට රුපියල් බිලියන 210 ක පමණ ආදායමක් ගලාඑන බවයි.
“පාසල්වල පවතින ගුරු හිඟය නිසා ඇති වී තිබෙන රික්තකය පිරවීම සඳහා පෞද්ගලික උපකාරක පන්ති මත යැපීම සමඟින් රුපියල් බිලියන 200කට අධික මුදලක් උපකාරක අංශය තුළ සංසරණය වෙමින් පවතී,” මහාචාර්ය වසන්ත අතුකෝරල පවසයි.
විශේෂයෙන්ම උසස් පෙළ සිසුන් සඳහා පෞද්ගලික ඉගැන්වීම ලාභදායී ව්‍යාපාරයක් බවට පත්ව ඇති අතර, ඇස්තමේන්තු අනුව උපකාරක පන්ති ක්ෂේත්‍රයේ නිරත ගුරුවරු සාමූහිකව වාර්ෂිකව රුපියල් බිලියන 210 ක් පමණ උපයති.
මෙම අගය වාර්තා වන්නේ නාගරික ප්‍රදේශවල පවත්වනු ලබන කුඩා පෞද්ගලික පන්තිවලින් ලැබෙන ආදායමින් බැහැරවය.
මෙම තත්ත්වය ශිෂ්‍යයන්ගේ අවශ්‍යතා සපුරාලීමට විධිමත් අධ්‍යාපන ක්‍රමයේ පවතින අසාර්ථකත්වයේ කැපීපෙනෙන පිළිබිඹුවකි.
එම මුළු ආදායමෙන් උසස් පෙළ සිසුන්ගෙන් උපයන ආදායම රුපියල් බිලියන 80ක් පමණ වන අතර, රාජ්‍ය අධ්‍යාපනයට වඩා පෞද්ගලික උපකාරක පන්ති මත සිසුන්ගේ යැපීම එමගින් අනාවරණය වෙයි.
රාත්‍රී කාලයේ පැවැත්වෙන පෞද්ගලික පන්තිවල අහිතකර බලපෑම් පිළිබඳව ද මහාචාර්ය වසන්ත අතුකෝරල කනස්සල්ල පළකර ඇත.
”රාත්‍රිය දක්වා, සමහර විට මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මක වන පන්ති, දැනටමත් ඔවුන්ගේ අධ්‍යයන වැඩ බරින් බර වී සිටින සිසුන්ට අමතර ආතතියක් ඇති කරනවා. තව ද, අවිධිමත් උපකාරක අංශය බොහෝ දුරට නියාමනය නොකළ, අවම අධීක්ෂණයකින් සහ බදු රාමුවක් ක්‍රියාත්මක නොවී පවතින්නේ” ඔහු පෙන්වාදෙයි.
2025 අප්‍රේල් 16, පෙ.ව. 12:22
2025 අප්‍රේල් 16, පෙ.ව. 12:20
2025 අප්‍රේල් 16, පෙ.ව. 12:16
2025 අප්‍රේල් 16, පෙ.ව. 12:14
2025 අප්‍රේල් 16, පෙ.ව. 12:10
16-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25
15-04-25
15-04-25
15-04-25
15-04-25
14-04-25
14-04-25
14-04-25
14-04-25
14-04-25
14-04-25
14-04-25
14-04-25
14-04-25
14-04-25
14-04-25
14-04-25