hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 08, පෙ.ව. 8:41



එංගලන්තයේ බර්මින්හැම්හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගි වීමට ගොස් අතුරුදන්වූ ශ්‍රී ලංකා නිලධාරීන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිවුදෙනකු සොයා ගැනීම සඳහා එංගලන්තයේ මෙට්‍රොපොලිටන් සහ බටහිර මිඩ්ලන්ඩ්ස් පොලිස් ස්ථාන ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

මෙම විමර්ශන සඳහා අතුරුදන්ව සිටින නිලධාරීන් සහ ක්‍රීඩකයන්ගේ සියලු තොරතුරු ශ්‍රී ලංකා බලධාරීන් විසින් එම පොලිස් ඒකක වෙත භාරදී ඇතැයි වාර්තා වන්නේ.

ජූඩෝ කණ්ඩායමේ කළමනාකරු, ජූඩෝ ක්‍රීඩිකාවක්, මල්ලවපොර ක්‍රීඩකයකු මීට පෙර අතුරුදන් වූ අතර ඉකුත් 5 වැනිදා ශ්‍රී ලාංකික බොක්සිං ක්‍රීඩකයකුද අතුරුදන් වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

කිලෝග්‍රෑම් 67-71 බර පන්තියේ ක්‍රීඩකයකු වන ඔහු බොක්සිං තරගයක් නරඹමින් සිටියදී වැසිකිළියට යෑමට අවශ්‍ය බව පුහුණුකරුට පවසා ගොස් නැවැත සිය කණ්ඩායමට පැමිණ නොතිබිණි.

අතුරුදන් වීම් වාර්තා වීමත් සමඟ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහ නිලධාරීන්ගේ ගුවන් ගමන් බලපත්‍ර සියල්ල බලධාරීන් විසින් ලබාගෙන තිබෙනවා.

අතුරුදන්වූ බොක්සිං ක්‍රීඩකයාගේ විදෙස් ගමන් බලපත්‍රයද මේ වනවිට බලධාරීන් සතුව ඇතැයි වාර්තා වෙනවා.