2023 මාර්තු 14, ප.ව. 2:21
පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වූ යාපනයේ ජනප්‍රිය පාසලක සිසුවෙකු එම ක්‍රීඩාවේ සදහන් ආකාරයට තට්ටු කීපයක් උස ගොඩනැගිල්ලකින් පැන සිය දිවිහානි කර ගැනීමට තැත් කොට තිබෙනවා.
ඒ, අද (14) උදෑසන කාලයේ දී යි.
එම සිසුවා තට්ටු ගොඩනැගිල්ලේ අසාමාන්‍ය ලෙසට ගමන් කරන ආකාරය දුටු ගුරුවරුන් හා සිසුන් පිරිසක් ඒ පිළිබඳ අවධානයෙන් සිටිද්දී සිසුවා එක්වරම තට්ටු ගොඩනැගිල්ලෙන් බිමට පැන තිබෙන බව සඳහන්.
කෙසේ වෙතත් විදුලිය සපයා නැති පැරණි විදුලි රැහැන් පද්ධතියක සිසුවා පැටලී බිම වැටීමට යම් කාලයක් ගත වූ නිසා ගුරුවරුන්ට හා සිසුන්ට සුළු තුවාල ලැබූ සිසුවා ව බේරා ගැනීමට හැකි වූ බව යි වාර්තා වන්නේ.
පසුව සිසුවාව ගිලන් රථයක ආධාරයෙන් රෝහල්ගත කිරීමට හැකි වී තිබෙන අතර, සිසුවාගේ පොත් බෑගය පරීක්ෂා කිරීමේ දී ඔහුගේ ජීවිතය හා පරිගණක ක්‍රීඩාව ගැන තොරතුරු සදහන් කරමින් ඔහු විසින් ලියා තිබූ පිටු 7ක ලිපියක් ගුරුවරුන්ට හමු වී තිබෙනවා.
එම ලිපියේ සඳහන් තොරතුරුවලට අනුව එම පරිගණක ක්‍රීඩාවේ නිරත වන පිරිස ඔහු වෙත ලබා දෙන යම් අභියෝගයක් බාර ගත යුතු ව අති අතර, මේ සිසුවා ද එවැනි අභියෝගයක් බාර ගනිමින් පාසලේ තට්ටු ගොඩනැගිල්ලෙන් බිමට පැනීමට තීරණය කර ඇති බව සඳහන්.
2025 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 12:12
2025 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 12:10
2025 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 12:07
2025 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 12:07
2025 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 12:06