2025 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 12:06
තඹුත්තේගම පිහිටි තමා ව්‍යාපාරික ගොඩනැගිල්ලේ වටිනාකම වත්කම් බැරකම් ප්‍රකාශයේ ඇති වටිනාකම මෙන් දෙගුණයක් පමණ විය හැකි බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.
තම ගොඩනැගිල්ලට එහා ගොඩනැගිල්ල ඉතා ඉහල මිලකට අලෙවි කිරීමට නියමිත බවත් ඒ අනුව තම ගොඩනැගිල්ලද වැඩි වටිනාකමක් දරනු ඇති බවත් ඒ මහතා පැවසීය.
තඹුත්තේගම අය තම පවුලේ වත්කම් සම්බන්ධයෙන් දන්නා බවද හෙතෙම කියා සිටී.
ඔහුගේ වත්කම් සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳ නමුත් අනුරාධපුරයේදී මාධ්‍ය අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.
‘‘කැම්පස් යන්න කලිනුත් මම ටියුෂන් කරමින් හිටියා. ඒකට අදාළ අපේ පවුලේ ඉඩමක් තිබෙනවා. ඒ ඉඩමේ වටිනාකමක් තිබෙනවා. මේ තියෙන්නේ අපි දීපු වත්කම් බැරකම් ප්‍රකාශ. දැන් මේවා මැජික් වෙලා තියෙන්නේ හංඟාගෙන හිටපු අයටයි.
අපි ආණ්ඩුවක් ලෙස බලයට පත්වුණාට පස්සේ ඇමැතිවරයෙක් ලෙස වැඩ භාරගන්න කලින් වත්කම් බැරකම් ප්‍රකාශ දුන්නා විතරක් නොවෙයි. ඡන්දයට ඉල්ලන්න කලින් 2024ත් මේක දීලා තියෙනවා. 2020ත් දීලා තියෙනවා. 2015ත් දීලා තියෙනවා. 2010ත් දීලා තියෙනවා.
මේවා මැජික් කරගත්තාට ඒ ගොල්ලො අපිට මැජික් නොවෙයි. මේ ගොල්ලෝ උත්සාහ කරන්නේ ඒ අය කරපු වැඩ අපිත් කරා කියලා පෙන්වන්න උත්සාහ දැරීමයි.
තඹුත්තේගම නගරයේ ව්‍යාපාර කරමින් හිටපු පවුලක් අපේ පවුල. අපිට තියෙන දේවල් ගැන අපි කියලා තියෙනවා.’’
2026 අගෝස්තු 30, පෙ.ව. 12:30
2026 අගෝස්තු 30, පෙ.ව. 12:28
2026 අගෝස්තු 30, පෙ.ව. 12:17
2026 අගෝස්තු 30, පෙ.ව. 12:15
2026 අගෝස්තු 30, පෙ.ව. 12:13
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26