hit counter

2025 මාර්තු මස 10 වන සඳුදා

2023 සැප්‍තැම්‍බර් 02, ප.ව. 8:59



අපි ඉන්නෙ පුංචි රටක වුණාට අපේ රටේ ඉන්නවා හිතාගන්නවත් බැරි තරම් දස්කම්වලින් පිරුණු වැඩකාරයෝ.

මේ කතාවේ කතානායක 11 වසරේ ඉගෙනුම ලබන පුතෙක්.

නමින් ලෝචන ජයශාන් රණවීර.

මේ දක්ෂයාට මෙලෙස දර්ශනීය අයුරින් දළදා මාළිගයේ අනුරුවක් නිමවන්න අදහසක් ඇවිත් තිබුණෙ, 2022 වර්ෂයේ අවසාන රන්දෝලි පෙරහැර දැකබලා ගැනීමට අවස්ථාව ලැබීමෙන් පසුවයි.

අම්මා තාත්තා සහ සහෝදරයෝ දෙන්නගෙ උදව් ඇතිව සාදා නිම කළ මේ දළදා මාළිඟයේ අනුරුව සෘජුෆෝම්, ලී, මැටි, කාඩ්බෝර්ඩ් සහ සිමෙන්තිවලින් නිර්මාණය කර ඇති බවයි වාර්තා වෙන්නෙ.

නියමිත පරිමාණයකට අනුව සිදු කරැති මාළිගයේ මෙම අනුරුව ,ඇත්තටම දළදා මාළිගාවේ අපි දකින සිතුවම් පවා ඒ අයුරින් සිත්තම් වූවක්.

ඒ ගැන ඔහුම සිය මුහුණු පොතේ මෙලෙස සඳහන් කර තිබුණා…

”ශ්‍රී දළදා මාලිගාව අනුරුව

මම ලෝචන ජයශාන් රණවීර.

2022 වර්ෂයේ අවසාන රන්දෝලි පෙරහැර දැකබලා ගැනීමට අවස්ථාව ලැබීමෙන් පසු ඇති වූ අදහසක් මත,

දින 75 ක අනවරත උත්සාහයකින් පසු සාදා නිමකළ සුවහසක් බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ වන් වාමශ්‍රි දන්ත ධාතූන් වහන්සේ වැඩසිටින සෙංකඩගලපුර ඓතිහාසික දළදා මන්දිරය මෙතැන් සිට පින් සොයන ඇස්වල වන්දනාමානයට….”

ඡායාරූප : Dalada Maligawa - The Miniature Temple facebook
Monara
ඡායාරූප : Dalada Maligawa - The Miniature Temple facebook
Monara
Monara
Monara
ඡායාරූප : Dalada Maligawa - The Miniature Temple facebook