hit counter

2025 ඔක්‍තෝබර් මස 21 වන අඟහරුවාදා

2022 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 5:51



හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමරිකානු පුරවැසිභාවය නොව ඇමෙරිකාවට සංචාරයකටත් පැමිණීමට ඉඩ නොලැබෙන බව හිටපු ඇමරිකානු තානාපති නිලධාරී දයා ගමගේ මහතා පැවසුවා.

යූටියුබ් නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

ඇමරිකාවේ බරපතල නඩු දෙකක් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ක්‍රියාත්මක වන බවද පවසන ඔහු ඇමරිකාව රාජපක්ෂ පාලනයට වඩා වික්‍රමසිංහ පාලනයට කැමති බවද කියා සිටියා.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වීසා ප්‍රතික්ෂේප වූ බව මාධ්‍ය වෙත මුදා හරින ලද්දේ ඇමරිකානු තානාපති කාර්යාලය විසින් බවද ඔහු පැවසුවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට තරඟ කිරීමට පුරවැසිභාවය ඉවත් කර ගත්තේ ඇමරිකානු ආණ්ඩුව සමඟ එකඟතාවකින් බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: