hit counter

2026 ජූනි මස 19 වන සිකුරාදා

2026 ජූනි 20, පෙ.ව. 12:18



තෙල් මිල ඉහළ යෑම ආණ්ඩුවට අභියෝගයක් වූ බවත් එහෙයින් විදුලි බිලද ඉහළ දැමීමට සිදු වූ බවත් අමාත්‍ය විජිත හේරත් පවසයි.

මේ වන විට මැදපෙරදිග යුද තත්ත්වය වෙනස් වන ලකුණු පහළ වී ඇති බවත් ඒ සමග තෙල් මිල සහ විදුලි බිල කිසිදු පැකිළීමකින් තොරව අනිවාර්යෙන් අඩු කරන බවද ඇමතිවරයා ප්‍රකාශ කරයි.

පසුගිය සමයේ ඩොලරය රු.354 දක්වා ඉහළ ගියද දින දෙක තුනක් ඇතුළත නැවත රු. 334 දක්වා පහත වැටුණු බවද අනපේක්ෂිත තත්ත්වය පහව ගිය පසු කලින් මිලටත් වඩා අනිවාර්යෙන් අඩු කළ හැකි බවද ඇමති විජිත හේරත් අවධාරණය කරයි.

අමාත්‍ය විජිත හේරත් මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (16) ස්වාධීන රූපවාහිනිය සමග සාකච්ඡාවකට එකතු වෙමිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: