hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ජූනි 17, පෙ.ව. 4:10



පරිභෝජනයට නුසුදුසු පරිදි වර්ණ ගැන්වූ පරිප්පු කිලෝ 4000 කට ආසන්න තොගයක් උස්වැටකෙයියාව ප්‍රදේශයේ කර්මාන්තශාලාවකින් සොයා ගෙන තිබෙනවා.

ඒ වර්ණ ගැන්වූ පරිප්පු වෙළඳපොලට නිකුත් කිරීමේ ජාවාරමක් පිළිබඳ වාර්තා වූ තොරතුරක් මත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ හදිසි වැටලීම් ඒකකය සිදුකළ පරීක්ෂණයකදීයි.

ඊයේ (16) අදාළ කර්මාන්තශාලාව වෙත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින් ලගා වන විටත් කිසිදු වර්ණකයක් යෙදීමෙන් තොරව වෙළදපොලට නිකුත් කළ යුතු ආනයනික පරිප්පු මිනිස් පරිභෝජනයට නුසුදුසු වර්ණකාරක යොදා ප්‍රතිනිෂ්පාදනය කරන ආකාරය දක්නට ලැබුණා.

එලෙස වර්ණ ගැන්වූ පරිප්පු තොගය අදාළ කර්මාන්තශාලාවේ ගබඩාවකට දමා එය මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ හදිසි වැටලීම් ඒකකයේ නිලධාරින් පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම, ඒවායේ සාම්පල රස පරීක්ෂක වෙත යොමුකර එහි වාර්තාව ලැබුණු පසු එම කර්මාන්තශාලාවට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට ද නියමිතයි.

ආහාර පනත සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ රෙගුලාසි අනුව ආනයනික පරිප්පු කිසිදු ලෙසකින් වර්ණ ගන්වා වෙළඳපොලට නිකුත් කළ නොහැකි බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ.