hit counter

2025 අප්‍රේල් මස 28 වන සඳුදා

2025 අප්‍රේල් 29, පෙ.ව. 12:06



තංගල්ල නගර සභාවේ මැදකැට්‍ ය කොට්ඨාසයේ සමගි ජන බලවේග පක්ෂ අපේක්ෂකයින් ගේ ජය තහවුරු කිරීමේ ජනහමුවක් මැදකැට්‍යදි පැවැත්විණි.

මෙම ජනහමුව සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පා.ම දිලිප් වෙදආරච්ච් මහාතා ගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබිණි.

ජන හමුව අමතමින් පා.ම දිලිප් වෙදආරච්ච් පැවසුවේ පච ආන්ඩුව ගෙදර යවන පළමු වෙඩිමුරය මැයි 06 දින නිකුත් වන ජන්ද ප්‍රතිඵලයෙන් බලාගත හැකි බවයි.

ආන්ඩුව පසුගිය මාස 07ට ඩොලර් බිලියන 06ක් ණය ලබා ගෙන කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොකර වැසිකිළි විවෘත කරන තත්ත්වයට පත්ව ඇති බව මන්ත්‍රීවරයා පැවසීය.

මෙවර පළාත් පාලන මැතිවරණයේ දි තංගල්ල නගර සභාවට ශක්තිමත් කණ්ඩායමක් ඉදිරිපත් කර ඇති බවත් හිටපු අමාත්‍ය මහින්ද අමරවීරගේ ලේකම්වරයෙකු වු හිටපු නාගරික මන්ත්‍රී අරලිය සිල්වා ද මෙවර මැදකැට් ය කොට්ඨාසයේන් ස.ජ.බ නියෝජනය කරම්න් තරග කිරීම සභාව ජයගැනිමට ව්ශාල ශක්තියක් වන බව හෙතෙම පැවසීය.

වැඩ්දුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා පැවසුවේ ඇතැම් ව්ට ජාතික ජන බලවේගය තංගල්ල නගර සභාව ජය ගත්තද ව්පක්ශයේ පක්ශ වන එ.ජා.ප.ය,පොහොට්ටුව,සර්ව ජනබලය සහ පොදු පෙරමුණ පක්ෂ වල මන්ත්‍රීවරුන් එකතු කරගනිම්න් නගරාධිපති ධූරය සමගි ජන බලවේගයට ලබා ගෙන තංගල්ල නගර සභාවේ බලය පිහිටුවන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: