2022 ජූනි 03, ප.ව. 7:49
දිලිප් වෙදාරච්චි මහතාගේ පුත්‍රයා වන රවිඳූ වෙදාරච්චි සහ ඔහුගේ බිරිඳට රැකවරණය සහ නවාතැන් ලබාදීම සම්බන්ධයෙන් සැකකාරියක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
31 හැවිරිදි එම සැකකාරිය මාතර බතලවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි පොලිසිය කියාසිටියේ.
ඇය විමර්ශණ සඳහා වීරකැටිය පොලිසියට ඉදිරිපත් කර ඇති අතර මෙම සැකකරුවන් සඳහා රැකවරණය හා නවාතැන් ලබාදෙනු ලබන පුද්ගලයන් වෙතොත් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව පොලිසිය අවධාරණය කළා.
මන්ත්‍රී පුත්‍රයා සහ බිරිඳ අන්තරායකාරී ලෙස ශීතකරණය රැගෙන යාමට භාවිත කළ කැබ් රථය අද දහවල් කාලයේ මාතර කඹුරුගමුව ප්‍රදේශයේදී මාතර විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබුණා.
පසුගිය පළමුවනදා වීරකැටිය බැඳිගම දක්ෂිණ අධිවේගී පිවිසුමේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට බලහත්කාරය පාමින් රාජකාරියට බාධා කර පහරදීමට උත්සාහ කිරීමට අදාළව රවිඳූ වෙදාරච්චි සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය තවදුරටත් විමර්ශන සිදුකරනු ලබනවා.
2025 අප්‍රේල් 18, පෙ.ව. 12:29
2025 අප්‍රේල් 18, පෙ.ව. 12:25
2025 අප්‍රේල් 18, පෙ.ව. 12:25
2025 අප්‍රේල් 18, පෙ.ව. 12:24
2025 අප්‍රේල් 18, පෙ.ව. 12:14