hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 2:02



මත්පැන් බෝතල්වල අලවා ඇති ස්ටිකර්වල ව්‍යාජභාවය හඳුනා ගැනීමට අවශ්‍ය පහසුකම් මෙරට නොමැති බව සුරාබදු වෘත්තීය සමිති එකමුතුවේ සම ලේකම් නිරෝෂන් ජයකොඩි මහතා පුවත්පතකට පවසා තිබුණා.

ඒවා හඳුනා ගැනීමට ඉන්දියාවට යැවිය යුතු බව ද ඒ මහතා සඳහන් කළා.

ව්‍යාජ ස්ටිකර් හඳුනා ගැනීම සඳහා සුරාබදු නිලධාරීන්ට උපකරණ ලබාදී ඇතත් එය ප්‍රමිතිගත ස්ටිකරයක් දැයි අදාළ උපකරණයෙන් හඳුනා ගැනීම හාස්‍යජනක යැයි ද ජයකොඩි මහතා වැඩිදුටරටත් පවසනවා.

විවිධ මත්පැන් වර්ගවලට අනුක්‍රමික අංකයක්, රහස් සලකුණු වැනි වෝහාරික සලකුණු ඇතත් ඒවා ගැන දැනට දන්නේ ඉන්දීය සමාගම පමණක් බවයි ඔහු දක්වන්නේ.

සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරියෙකු ව්‍යාජ ස්ටිකර් හඳුනා ගැනීම සඳහා ඉන්දියාවට ගොස් දින 4ක පුහුණුවක් ලබා පැමිණ ඇතත් එම නිලධාරියාට ද ලබාදී ඇත්තේ සලකුණුවලින් කොටසක් පිළිබඳ තොරතුරු පමණක් යැයි ද ජයකොඩි මහතා පවසනවා.

2019 යහපාලන කාලයේ එළඹි ගිවිසුමක් අනුව 2022 ජනවාරි 03 දින සිට මෙරට ස්ටිකර් ක්‍රමය ක්‍රියාත්මක කළත් එහි අඩුපාඩු රැසක් පවතින බව ද කී ඒ මහතා මෙම ගිවිසුම අහෝසි වන්නේ 2027 ජනවාරි 02 වැනිදා බව ද කියා සිටියා.

සමාගමේ දුර්වලතා රැසක් පවතිද්දී සුරාබදු දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් පිට එම වරදවල් පටවා ආරක්‍ෂිත මුද්‍රා 1000 කට ඩොලර් පහයි දශම අනූ නවයක් (5.99) අයකර ගනිමින් විශාල ඩොලර් ප්‍රමාණයක් ඉන්දියාවට රැගෙන යන බව ද ජයකොඩි මහතා සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: