hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ඔක්‍තෝබර් 05, ප.ව. 2:27



ජපානයට යාමට අවස්ථා දෙකක් තිබෙන බවත් ඉන් එක් අවස්ථාවක් වන්නේ අධ්‍යාපනය හදාරන අතරතුර රැකියාවක් සිදු කිරීම බවත් රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා අද(05) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

අනෙක් අවස්ථාව වන්නේ සාත්තු සේවය, ඉදිකිරීම් කර්මාන්තය වැනි කේෂ්ත්‍ර සඳහා බවත් ජපන් රැකියා ලබා දීමට ජපන් භාෂාව අනිවාර්යයෙන් දැනගත යුතු බවත් ඒ සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් පුහුණු පාඨමාලා පවත්වාගෙන යන බවත් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

මේ අතර ඊට පිළිතුරු දෙමින් සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ ජපානයෙන් රැකියා 10,000ක් ලංකාවට හිමිවූ බවත් එම්4 සහ එම්5 විභාගය සඳහා පුහුණු පාඨමාලා පවත්වාගෙන යන බවත් ජපන් භාෂාව රැකියාවක් ලබා ගැනීමට අනිවාර්ය කර ඇති බවත්ය.

5000කට අධික ප්‍රමාණයක් මෙම භාෂා විභාගයට ඉදිරිපත් වී ඇති බවත් වසරකට දෙවතාවක් එම විභාගය පවත්වන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

ඊශ්‍රායලයට යාමට හැකියාව පවතින්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් පමණක් බවත්





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: