hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 ජූනි 10, පෙ.ව. 2:02



මෙරට පවුල් වලින් සියයට 80කට වැඩි ප්‍රමාණයක් ලබා ගන්නේ නියමිත ප්‍රමාණයට අඩුවෙන් සහ ගුණාත්මක බවින් අඩු ආහාර බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන නවතම වාර්තාවක් නිකුත් කරමින් මේ බව පෙන්වා දී තිබෙනවා.

පවතින තත්වය යටතේ මන්දපෝෂණයේ වර්ධනයක් දැකිය හැකි බවයි එම වාර්තාව මගින් පෙන්වා දෙන්නේ.

පසුගිය කන්න දෙකෙහිම ආහාර නිෂ්පාදනය වාර්තා ගත ලෙස අඩුවීම හේතුවෙන් ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය අවදානමට ලක්ව තිබෙන බවද එම වාර්තාවේ සඳහන්.

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක ප්‍රජාවගෙන් ඇමරිකානු ඩොලර් මිලියන 47.2ක මුදලක් ඉල්ලා ඒකාබද්ධ මානූෂිය අවශ්‍යතා සහ ප්‍රමුඛතා ලැයිස්තුවක් දියත් කර තිබෙනවා.

මෙමගින් ලාංකික ජනතාවට ආධාර ලබා දීමට නියමිතයි.

“සහල් හිඟයක් ඇති වෙනවා යැයි කිසිම බියක් ඇති කර ගන්න එපා” යැයි කෘෂිකර්ම වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (9) පැවසුවා.

මුලදී තත්ත්වය නරක වුනත් දැන් හොඳ තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබෙන බවත් මේවනවිට හෙක්ටයාර හාර ලක්ෂ 47000ක් බිම් සැකසීම් සිදුව තිබෙන අතර එය පසුගිය කන්නයන් සමඟ සසඳන විට හොඳ තත්වයක් බවද ඔහු සඳහන් කළා.

සහල් හිඟයක් ඇති වෙන්නේ නම් ඒ අවුරුද්දේ අවසාන දවස් කීපයකට පමණක් බවත් ඒ හිඟයටත් අවශ්‍ය සහල් මිලදී ගැනීම සඳහා වෙළෙඳ ඇමතිවරයා ඇනවුම් ලබාදී තිබෙන බවත් අමාත්‍යවරයා කියා සිටියා.

පෙබරවාරි මාසය වන විට මාස් කන්නයේ අස්වැන්න ලැබෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

මේ අතර ඉදිරි මාස 04 සඳහා සහල් ආනයනය කරන්නැයි කෘෂිකර්ම අමාත්‍යාංශය වෙළෙඳ අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා.

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා සඳහන් කළේ ලබන සැප්තැම්බර් මාසයට පමණක් සහල් තොග ඇති බවයි.

මෙරට පරිභෝජනය සඳහා මාසිකව අවශ්‍ය සහල් ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 02 ක්.

මීට පෙර සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 03 ක් මෙරටට ගෙන්වා ඇතැයි ද කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: