hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ජූලි 07, ප.ව. 5:26



සිය ඊළඟ කෑම වේල පිළිබඳ මෙරට පුද්ගලයින් මිලියන 6.26ක් හෝ නිවාස 10 කින් 03 ක් අවිනිෂ්චිතභාවයෙන් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහන පවසනවා. 

ආහාර උද්ධමනය ඉහළ යාම, ඉන්ධන මිල ඉහළ යාම සහ භාණ්ඩ හිඟය එම තත්ත්වයට හේතු විය හැකි බවයි ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ.

මෙරට ජනතාවගෙන් සියයට 61 ක් පමණ පරිභෝජනය කරන ආහාර ප්‍රමාණය ද අඩු කර ඇති බව එම වාර්තාවේ සඳහන්.

ඒ අනුව පෝෂදායී ආහාර අනුභවය ද අඩුවී තිබෙනවා.

මේ වන විට දැඩි අවධානමකට ලක්ව සිටින පවුල් සංඛ්‍යාව ලක්ෂ 02 ක් පමණ වනවා.

එලෙස අවධානමකට ලක්වන පිරිස ඉදිරියේදී තවදුරටත් ඉහළ යා හැකි බව ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙනවා. 

පවතින තත්ත්වය හමුවේ ගර්භණී කාන්තාවන් ද පෝෂදායී ආහාර අනුභව කිරීමෙන් වැළකී සිටීම හේතුවෙන් ඔවුන්ගේ සහ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ද අවධානමට ලක්ව ඇති බව එම වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.