hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2022 මැයි 19, ප.ව. 4:42



නාරාහේන්පිට පොලිස් ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන මිල ගණන් නිවැරදි කර ඇති ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අදාළ ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන නිකුත් කර තිබුණේ රුපියල් 121.19ක මුදලකටයි.

කෙසේවෙතත් අදාළ තොරතුර පිළිබඳ මාධ්‍ය ඔස්සේ අනාවරණ වීමත් සමග අද දිනයේ එහි පෙට්‍රල් මිල රුපියල් 338.19ක් ලෙසට නිවැරදි කර ඇති ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සංසරණය වනවා.

මේ පිළිබඳව අප කළ සොයා බැලීමකදී අනාවරණය වුණේ පොලිස් දෙපාර්තමේන්තුවට අයත් නාරාහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාශයේ තිබෙන ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන නිකුත් කරන්නේ මුදලට නොවන බවයි.

එයට හේතුව වන්නේ පොලිස් වාහන වලට ඉන්ධන නිකුත් කරන්නේ ලීටර් ප්‍රමාණයට වීමයි.

ඒ සඳහා පොලීසියේ වාහන වලට නිකුත් කරන නිසා මුදල් අය කිරීමක් සිදු වන්නේ නැහැ.

සාමාන්‍ය අයට කිසිසේත්ම එතැනින් ඉන්ධන නිකුත් කිරීමක් සිදු වන්නේ නැහැ.