hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 මැයි 27, ප.ව. 12:05



එක රටක් එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ කාලය යළි දීර්ඝ කිරීමක් සිදු නොවන බව එහි සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පැවසුවා.

ඒ අනුව එක රටක් එක නීතියක් සඳහා වන නිර්දේශ සකස් කර අවසන් බවත්, කඩිනමින් එම වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට භාර දීමට කටයුතු කරන බවත් ජාතික පුවත්පතක් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් උන්වහන්සේ සඳහන් කර තිබෙනවා.

ඒ අනුව එක රටක් එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ කාලය හෙටින් (28) අවසන් වීමට නියමිතව තිබෙනවා.

මෙම ජනාධිපති කාර්ය සාධක බළකාය ජනාධිපතිවරයා විසින් 2021 ඔක්තෝම්බර් 26වැනිදා ස්ථාපිත කළ අතර මෙම වසරේ පෙබරවාරි 28වැනිදා මෙහි කාලය මාස 03න් දීර්ඝ කිරීමට කටයුතු කළා.