hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 31, ප.ව. 3:09



පවතින දැඩි අයහපත් කාලගුණ තත්ත්වයද නොතකා ගෑස් ටෝකන් ලබා ගැනිම සදහා පාරිභෝගිකයන් හැටන් ඩන්බාර් ක්‍රිඩාංගණයේ දිගු පෝලිම් වල රැදී සිටින බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

හැටන් ප්‍රදේශයේ ගෑස් අලෙවි නියෝජිතයන්ට සමාගම විසින් නිකුත් කරනු ලබන ගෑස් තොග නිසි ක්‍රමවේදයක් යටතේ පාරිභෝගිකයන්ට ලබාදිමේ අරමුණින් ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින් ඊයේ (30) දින සිට ගෑස් පාරිභෝගිකයන්ට ටෝකන්පත් නිකුත් කිරිමේ ක්‍රමවේදයක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ (30) දින පමණක් හැටන් දික්ඔය නගර සභා සිමාවේ ගෘහස්ථ ගෑස් පාරිභෝගිකයන් , ආපනශාලා සහ බේකරි හිමියන් 1600 දෙනෙකුට ටොකන්පත් නිකුත් කල බවත් වාර්තා වෙනවා.

අද (31) දිනයේද පෝලිම් වල රැදි සිටින ගෑස් පාරිභෝගිකයන්ගේ අනන්‍යතාවය තහවුරු කරගෙන ටෝකන් පත් නිකුත් කරන බව ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් රුවනි සිතාරා ගමගේ මහත්මිය පැවසුවා.

හැටන් ප්‍රදේශයේ ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතයන් කියා සිටින්නේ තම සමාගම විසින් හැටන් ප්‍රදේශයේ සියළුම ගෑස් අලෙවි නියෝජිතයන්ට එකවරකට නිකුත් කරනු ලබන්නේ කිලෝ 12.5 ගැස් සිලින්ඩර් 350-400 අතර ප්‍රමාණයක් බවත්, ඒ අනුව එක් අලෙවි නියෝජිතයෙකුට ගැස් සිලින්ඩර් 40-100 දක්වා ප්‍රමාණයක් ලැබෙන බවත්, එම ප්‍රමාණයෙන් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දිය නොහැකි බවයි.

එමෙන්ම හෝමාගම නගර මධ්‍යයේ ඇති ගෑස් අලෙවි නියෝජිත මධ්‍යස්ථානයෙන් ගෑස් ලබා ගැනීමේ අරමුණින් දහසකට ආසන්න පිරිසක් අදත් (31) රැඳී සිටින බව වාර්තා වෙනවා.

අද දිනයේ මෙම පිරිස ගෑස් ලබා ගැනීමේ අරමුණින් රැඳී සිටින්නේ හයවැනි දිනටයි.

මෙලෙස රැඳී සිටින පිරිස අතර ගෑස් ලබා ගැනීම සඳහා සඳහා ටෝකන් ලද අය සහ ටෝකන් නොලද අයද සිටින බවයි වාර්තා වන්නේ.

තවද මෙම ස්ථානයෙන් ගෑස් ලබා ගැනීමට ටෝකන් පතක් ලබා ගැනීමට නම් ජාතික හැඳුනුම්පතේ ඡායාපිටපතක් ඉදිරිපත් කිරීම අනිවාර්‍ය කර තිබූ බවද වාර්තා වනවා.

හැටන් – රංජිත් රාජපක්ෂ