2022 ජූලි 18, පෙ.ව. 10:24
බදුල්ල පහලගම ප්‍රදේශයේ නිවසක ගෑස් ලිපක් පුපුරා ගිය බවට ඊයේ (17) පැමිණිල්ලක් ලැබී ඇතැයි බදුල්ල පොලීසිය පවසයි.
අංක 59, පහලගම, බදුල්ල ලිපිනයේ පදිංචි තරංගා නිල්මිණි කුමාරි මහත්මිය විසින් මෙම පැමිණිල්ල සිදුකර තිබෙනවා.
පෙ.ව. 11.00ට පමණ තමන් දිවා ආහාර පිස අවසන්ව පැය තුනකට පමණ පසුව මුලුතැන්ගෙයින් ඇසුණු ශබ්දයත් සමඟ බැලීමේදී ගෑස් ලිප පුපුරා ගොස් තිබෙනු තමන් දුටු බව පැමිණිල්ලේ වැඩිදුරටත් සදහන් බව පොලීසිය සදහන් කරයි.
මේ සම්බන්ධයෙන් බදුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
බදුල්ල – ජයලත් දිසානායක
2025 ඔක්‍තෝබර් 21, ප.ව. 4:47
2025 ඔක්‍තෝබර් 21, ප.ව. 2:49
2025 ඔක්‍තෝබර් 21, ප.ව. 2:46
2025 ඔක්‍තෝබර් 21, ප.ව. 2:42
2025 ඔක්‍තෝබර් 21, ප.ව. 12:51