2026 ජූනි 19, පෙ.ව. 12:29
රටරට පුරා ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් පැතිරෙන නිසා, මේ මදුරුවාට ඔබේ නිවසේ හෝ රැකියා ස්ථානයේ ඉඩක් නොතබන ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් දැනුවත් කිරීම් කරනු ලබයි .
ඒ අනුව එම කාර්යාංශය විසින් පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් මෙලෙස ලබා දී තිබේ
එම සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පණිවුඩය පහතින්
ඔබත් ඔබේ පවුලේ අයත් ඩෙංගු අනතුරේද? වහාම ක්‍රියාත්මක වන්න!
රට පුරා ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් පැතිරෙන නිසා, මේ මදුරුවාට ඔබේ නිවසේ හෝ රැකියා ස්ථානයේ ඉඩක් දෙන්න එපා! අදම, මේ දැන්ම මේ කියන තැන් ටික පරීක්ෂා කරලා වතුර රැඳෙන තැන් නැති කරමු.
සෑම සතියකම අවම වශයෙන් එක් වරක්වත් මේ දේ අනිවාර්යයෙන්ම කරන්න මතක තියාගන්න.
අනිවාර්යයෙන්ම පරීක්ෂා කර පිරිසිදු කළ යුතු තැන්-
ගෙවත්ත සහ වටපිටාව: මල් පෝච්චි අඩි, හිස් පොල් කටු, ටයර්, ප්ලාස්ටික් කෝප්ප, යෝගට් කෝප්ප, හිස් බෝතල් සහ ටින්. –නිවස ඇතුළත: ගෘහස්ථ මල් පෝච්චි (Indoor plants), ශීතකරණය පිටුපස ඇති වතුර එකතු වන තැටිය (Fridge tray), වතුර එකතු කර තබන බාල්දි සහ බැරල්. –වහල සහ වැහි පීලි: කොළ රොඩු හිරවී වතුර පිරී පවතින වැහි පීලි (Gutters). –රැකියා ස්ථානය සහ පාසල: ඔබ වැඩ කරන ඔෆිස් එකේ, කර්මාන්තශාලාවේ හෝ දරුවන් යන පාසල් වටපිටාවේ මෙලෙස වතුර රැඳෙන ඕනෑම තැනක්.
උණක් ආවොත් සැහැල්ලුවෙන් හිතන්න එපා!
ඔබට හෝ පවුලේ අයෙකුට පැය 48 කට වඩා (දින 2ක්) උණ පවතින්නේ නම්, වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබාගන්න.
එය ඩෙංගු රෝගය විය හැකියි.
විශේෂයෙන්ම අවදානම වැඩි පිරිස්:
ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වැඩිහිටියන් සහ වෙනත් නිදන්ගත රෝග ඇති අය උණ වැළඳුණු වහාම (පැය 48ක් යනතුරු නොසිට) ඉතා ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුයි.
ලෙඩ වුණාට පස්සේ දුක් වෙනවාට වඩා, අදම අපේ වටපිටාව සුරක්ෂිත කරගනිමු!
2026 ජූනි 19, පෙ.ව. 12:20
2026 ජූනි 19, පෙ.ව. 12:18
2026 ජූනි 19, පෙ.ව. 12:14
2026 ජූනි 19, පෙ.ව. 12:11
2026 ජූනි 19, පෙ.ව. 12:11
19-06-26
19-06-26
17-06-26
17-06-26
16-06-26
16-06-26
15-06-26
15-06-26
15-06-26
15-06-26
12-06-26
12-06-26
11-06-26
11-06-26
10-06-26
10-06-26
08-06-26
08-06-26
07-06-26
07-06-26
06-06-26
06-06-26
05-06-26
05-06-26