hit counter

2026 මාර්තු මස 19 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 09, ප.ව. 6:33



මේ වන විට ගෝඨාගෝගම අරගල භූමියේදී ජීවන්ත පීරිස් පියතුමා විරෝධතාකරුවන්ගෙන් ඉල්ලීමක් කළා.

ජනාධිපතිවරයා වහාම ඉල්ලා අස්වීමේ ලිපි ඉක්මණින් භාර දිය යුතු බවත් එසේ නොවුනහොත් පාර්ලිමේන්තුව සහ අනෙකුත් ස්ථාන වැටලීමට බලාපොරොත්තු වන බවද පියතුමා සඳහන් කළා.

එහිදී ජීවන්ත පීරිස් පියතුමා මෙසේ අදහස් දැක්වුවා,

“ජනතාවගෙන් ඉල්ලා සිටිනවා කිසිම කෙනෙක් යන්න එපා. පුළුවන් හැම කෙනෙක්ම ඉන්න. අල්ලාගෙන ඉන්න. හේතුව තවම අවසන් නැහැ. මේ සටන ඉවර වෙන්නේ සියලු දෙනාම අල්ලාගෙන ඉදලා ජනාධිපතිවරයා නිල වශයෙන් ඉල්ලා අස් වුණාට පස්සෙයි.”