hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ජූනි 16, ප.ව. 3:01



පසුගිය සති හතර තුළ දිවයින පුරා ඉන්ෆ්ලුවන්සා රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා.

විශේෂයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රදේශයේ ඉන්ෆ්ලුවන්සා රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා වන බවයි පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලය සඳහන් කළේ.

මේවන විට කලවාන රෝහලට රෝගීන් 103 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් බහුතරය කාන්තාවන්.

පසුගිය අප්‍රේල් මාසය සිට මේ දකවා කාලය තුළ ඉන්ෆ්ලුවන්සා රෝගය වැලඳුනු රෝගීන් 14 දෙනෙකු මියගොස් ඇති අතර ඉන් බහුතරය වයස අවුරුදු 75ට වැඩි පුද්ගලයින් බවයි වාර්තා වන්නේ.

සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා පැවසූවේ කලවාන ප්‍රදේශයේ් එම රෝගීන් වැඩි වීමට පාරිසරික කාරණා කිහිපයක් තිබූ බවත් නමුත් ඊට අවශ්‍ය කරන ඖෂධ වර්ග තිබෙන බවත්ය.

වාර්ෂිකව මෙරටින් මැයි, ජුනි, ජූලි මාසවල ඉන්ෆ්ලුවන්සා රෝගීන් වාර්තාවීම ඉහළ යන බව වසංගත රෝග ඒකකයේ ප්‍රධානීන් වෛද්‍ය සමිත ගිනිගේ මහතා සඳහන් කළා.

මෙම ඉන්ෆ්ලුවන්සා රෝගය සාමාන්‍ය පුද්ගලයෙකුට හැදුණොත් සාමාන්‍ය උණ, කැස්ස, හෙම්බිරිස්සාව, උගුරේ වේදනාවක්, ඇඟපත වේදනාවක් තිබෙන බවත් එය දින තුන හතරකට පසු සුව වන බවත් පෙන්වා දෙන වෛද්‍යවරයා ගර්භණී කාන්තාවන්, වැඩිහිටි පුද්ගලයින්, අවුරුදු දෙකට වඩා අඩු දරුවන්, නිදන් ගත රෝග දීර්ඝ කාලීන් ඇඳුම වැනි රෝග ඇති පුද්ගලයින්ට මෙම රෝගය වැළදුනහොත් මෙය නිව්මෝනියා තත්වයට වර්ධනය වීමේ සම්භාවිතාව වැඩි බවත් පෙන්වා දුන්නා.

මේ වන විට පැතිර යන මෙම වෛරස් තත්ත්වය ඉන්ෆ්ලුවන්සා “ඒ” වෛරසය බවට හඳුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් රෝග විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා ප්‍රකාශ කළා.

ලංකාවේ විවිධ ප්‍රදේශවලින් එකක් දෙකක් වගේ සෙම් පටල නියැදි හම්වෙලා තියෙනවා. කලවානේ තමයි වැඩිපුර සෙම්පටල ඇවිල්ලා තියෙනවා ඒකෙන් වැඩි ප්‍රමාණයක් ඉන්ෆ්ලුවන්සා “ඒ” කියලා හඳුනාගෙන තියෙනවා. සාමාන්‍ය පුද්ගලයෙකුට හැදුණොත් ඒක උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාවක් එහෙම නැත්නම් ඇඟපත වේදනාවක් තියලා දවස් තුන හරකින් සාමාන්‍යයෙන් හොඳවෙනවා. නමුත් විශේෂයෙන් ගැබිනි මව්වරුන් හා වැඩිහිටියන් බහුල වශයෙන් ආසාධනයට පත්වෙනවා. ඒ වගේම කුඩා ළමුන්.” යැයි වෛද්‍යවරයා පෙන්වා දුන්නා.