hit counter

2024 මැයි මස 08 වන බදාදා

2022 ඔක්‍තෝබර් 02, පෙ.ව. 7:12



ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ඉකුත් වර්ෂයේ දි (2021) රුපියල් තිස්එක්කෝටි පනස්නම ලක්ෂ හැත්තෑ හතර දහස්හාරසියඑකක (315,974,401) අලාභයක් ලබා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

2016 වර්ෂයේ දි ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය  රුපියල් දසකෝටි හැත්තෑ එක්ලක්ෂ අසුනමදහස් දෙසිය හැට හයක (107,189,266) අලාභයක් ලබා තිබූ අතර වර්ෂ 05ක් තුල මෙම අලාභය රුපියල් විසි කෝටියකින් පමණ වැඩි වී තිබෙනවා.

ස්වාධීන රූපවාහිනී ඉකුත් වර්ෂයේ දි රුපියල් විසිතුන්කෝටි අසුඑක්ලක්ෂ තිස්එක්දහස් තුන්සිය හතලිස් හයක පාඩුවක්  ද (238,131,346) ITN FM ගුවන්විදුලිය  රුපියල් හාර කෝටි දහතුන්ලක්ෂ විසිපන්දහස් පන්සිය විසි එකක (41,325,521) පාඩුවක් ද ලබා තිබෙනවා.

වසන්තම් FMහි අලාභය  රුපියල් එක්කෝටි හතලිස්පන්ලක්ෂ පන්දහස්අටසිය පනස්දෙකකි.

වසන්තම් රූපවාහිනීය හාරකෝටි හැටතුන්ලක්ෂ තිස්හත්දහස්පන්සියපහක (46,337,505) ක ප්‍රදානයක් රජය මගින් ලබාදි තිබෙනවා.

එම ප්‍රදානය ලැබිමෙන් පසුවද වසන්තම් නාලිකාව රුපියල් දෙකෝටි හැට ලක්ෂ හැට එක්දහස් හයසිය අසුදෙකක (26,061 ,682) ක පාඩුවක් ලබා තිබුණා.

ලලිත් චාමින්ද