hit counter

2026 මාර්තු මස 08 වන ඉරිදා

2023 සැප්‍තැම්‍බර් 11, ප.ව. 4:37



මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක එම ධුරයේ කටයුතු කළ සමයේ භාවිත කළ මෝටර් රථය සඳහා මාසිකව රුපියල් 375,000ක කුලියක් ගෙවා ඇති බව හෙළි වී තිබෙනවා.

එය රජයේ මූල්‍ය රෙගුලාසි උල්ලංඝනය කරමින් ලබා ගෙන ඇති බවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී හෙළි වී ඇත.

මේ සම්බන්ධයෙන් මූල්‍ය රෙගුලාසි යටතේ ගනු ලබන ක්‍රියාමාර්ග සති දෙකක් තුළ වාර්තා කරන ලෙස කමිටුව විසින් භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් වරයාට දන්වා තිබෙනවා.

එමෙන්ම අදාළ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට පියවර ගන්නා ගැනීමට ද කටයුතු කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: