2022 ජූනි 29, ප.ව. 12:45
වැලිකන්ද, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටි රැඳවියන් 500-600ක් අතර ප්‍රමාණයක් ඉන් පලා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා පැවසුවා.
එම රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි රැඳවියෙකු ඊයේ රාත්‍රියේ දී සැකකටයුතු ලෙස මියගොස් ඇති බවත් ඉන් පසුව එහි සිටි දහසකට ආසන්න පිරිසක් කඳවුර තුල කලහකාරී ලෙස හැසිරීමට ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
මෙහිදී එම රැඳවියන් විසින් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිසියට සහ හමුදා සාමාජිකයින්ට ගල් මුල් ප්‍රහාර එල්ල කර ඇති බවත් අද උදෑසන ආරක්ෂක වැටවල් කඩා බිඳ දමමින් රැඳවියන් 500-600ත් අතර පිරිසක් ඉන් පලා ගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.
මේ වන විට පලා ගිය පිරිස් සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
මියගොස් ඇති රැඳවියා ගේ සිරුර අසල පොලිසියට හෝ ආරක්ෂක අංශ වෙත ලඟා වීමට එහි සිටින සෙසු රැඳවියන් ඉඩ නොදෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.
2025 ඔක්‍තෝබර් 19, පෙ.ව. 12:17
2025 ඔක්‍තෝබර් 19, පෙ.ව. 12:15
2025 ඔක්‍තෝබර් 19, පෙ.ව. 12:11
2025 ඔක්‍තෝබර් 19, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 19, පෙ.ව. 12:09