hit counter

2026 ජනවාරි මස 05 වන සඳුදා

2022 ඔක්‍තෝබර් 06, පෙ.ව. 4:34



කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොස්ගම සිට අවිස්සාවේල්ල දක්වා වූ කොටස වසා තැබීමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන්.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ එළඹෙන 07 වනදා රාත්‍රී 8.30 සිට 10 වනදා පෙරවරු 06.00 දක්වා එම කොටස වසා තැබෙන බවයි.

මෙම කාලය තුළදී කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය කෙරෙන්නේ කොස්ගම දක්වා පමණයි.

කොස්ගම සහ අවිස්සාවේල්ල දුම්රිය මාර්ග කොටසේ ඇති පාලමක් අලුත්වැඩියා කිරීම හේතුවෙන් මෙලෙස දුම්රිය මාර්ගය වසා තැබෙනු ඇති.