hit counter

2025 ඔක්‍තෝබර් මස 19 වන ඉරිදා

2025 ඔක්‍තෝබර් 20, පෙ.ව. 12:06



තමන් ජනතාව සමඟ නිදහසේ සිටීමට බෙහෙවින් ප්‍රිය කරන බවත් ජනතාව අතර සිටීම කිසි දිනක විඩාවට පත් නොකරන බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කළේ,

“ජනතාව සමඟ නිදහසේ සිටීමට මම බෙහෙවින් ප්‍රිය කරමි. මිනිසුන් අතර සිටීම කිසි දිනක මා විඩාවට පත් නොකරයි. එය පුරුද්දකි. බැඳීමකි. සැමට නොලැබෙන අවස්ථාවකි.

ජනතාවගේ සිත් තුළ ඇතිවන විශ්වාසය සහ ලෙංගතුකම මත ගොඩනැගෙන මානව සබඳතා, ජන මූල නායකයෙකුගේ ඔරොත්තු දීමේ හැකියාව සහ ධෛර්යයෙන් යුතුව මුහුණ දීම් හැකියාව වර්ධනය කරයි. ජනතා ඇසුර යනු මා තව තවත් ගතින් සවිමත් කරන්නකි. මනස සුවපත් කරන්නකි.

සැමදා එක ලෙසින් පැමිණ සුව දුක් විමසන, හිතවත් කතාබහක යෙදෙන ආදරණීය ජනතාවට ස්තුතිවන්ත වෙමි. දේශපාලන සගයින් ද සිහිපත් කරමි. ඔබ සැමට ස්තුතියි.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: