hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2022 අගෝස්‍තු 15, පෙ.ව. 6:30



ගාලු මුවදොර අරගලය නැවතුනත්, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් තමන් ගෙන යන අරගලය සාධාරණය ඉටුවන අත්හරින්නේ නැතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසුවා.

මෙම ප්‍රහාරය පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක සේයා ඇති බවත්, ඒ ගැන විමර්ශනයක් කළ යුතු බවත්, ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පවා ඇතැයි කී කොළඹ අගරදගුරුතුමෝ තමන් වත්මන් ජනාධිපතිවරයා පිළිගන්නේ ඒ සම්බන්ධයෙන් සාධනීයව කටයුතු කළහොත් පමණක් යැයි ද සඳහන් කළා.

උන්වහන්සේ ඒ බව ප්‍රකාශ කළේ, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් සඳහා ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විසින් ප්‍රඩානය කළ මුල්‍ය පරිත්‍යාගය බෙදාදීමේ දෙවන අදියරට ඊයේ (14) කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ දී එක් වූ අවස්ථාවේදීයි.

එහි දී කාදිනල් හිමිපාණන් වැඩි දුරටත් කියා සිටියේ, ලංකාවේ යුත්තිය කියන එක ඉටුවීම ඉතාමත් දුර්වල අඩියකයි අද පවතින බවත් එයට හේතුව වසර ගණනාවක් මුලුල්ලේ දේශපාලන නායකයන් විසින් රටේ නීති පද්ධතියට නවශ්‍ය මැදිහත් වීම් සිදු කිරීමත්, නීතිය තමන්ගේ ග්‍රහණයට ගන්නට උත්සාහ කරනු දැකිය හැකි වූ බවයි.

දේශපාලන නායකයින් නීතියට ඇඟිලි නොගසන තත්ත්වයක් උදාවන තුරු මෙරටට සැබෑ නිදහසක් අතවිඳිය නොහැකි බව කාදිනල් හිමිපාණන් පවසනවා.